Home » නොගැඹුරු මුහුද සමීක්ෂණයට ඔස්ට්‍රේලියානු සහාය

නොගැඹුරු මුහුද සමීක්ෂණයට ඔස්ට්‍රේලියානු සහාය

by Mahesh Lakehouse
February 22, 2025 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රීය හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙන්, ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාව වෙත නවීනතම නොගැඹුරු ජලයේ සමීක්‍ෂණ කටයුතු සඳහා භාවිත කරනු ලබන Shallow Water Multi-Beam Echo Sounder යන්ත්‍රයක් නිල වශයෙන් භාර දීම, පසුගියදා කොළඹ වරායේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතන පරිශ්‍රයේදී ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් Paul Stephens සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අවස්ථාව. ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Amanda Johnston ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ජාතික ජල ශාස්ත්‍රීය කවුන්සිලයේ සභාපති රියර් අද්මිරාල් (විශ්‍රාමික) සිසිර ජයකොඩි, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා, නාවික හමුදා කළමනාකරණ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

සේයාරුව – මාලන් කරුණාරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division