Home » මෙරට පළමු ‘ජල බැටරිය’ මහඔයෙන්

මෙරට පළමු ‘ජල බැටරිය’ මහඔයෙන්

by Mahesh Lakehouse
February 22, 2025 12:39 am 0 comment

සූර්ය බලය උපයෝගි කරගෙන ජල විදුලි බලය උත්පාදනය කරන මෙරට ප්‍රථම ‘ජල බැටරිය’ ව්‍යාපෘතිය වන මහඔය ජල විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සලසා ඇතැයි විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු (කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය මූලස්ථානය) ධම්මික විමලරත්න සිළුමිණට පැවසීය.

අරණායක හා නාවලපිටිය යා කරමින් මහඔය ව්‍යාපෘතිය යටතේ කි.මී. 2.5කින් යුක්ත උමඟක් මඟින් විදුලි ගබඩා 3කින් මෙගාවොට් 200 බැගින් මෙගාවොට් 600ක විදුලි බලයක් මෙහිදී නිපදවනු ලැබේ.

එහිදී දිවා කාලයේදී සූර්ය බලයෙන් විදුලිය ගබඩා කර, ඒ විදුලියෙන් රාත්‍රියේදී පහළ ජලාශයේ ඇති ජලය ඉහළට ගෙන ගොස් ඒ ජලය යළිත් පහළ ජලාශයට යොමු කර, විදුලිය බලය නිපදවීමට සැලසුම් කරන බව විමලරත්න මහතා ප්‍රකාශ කළේය. මේ ව්‍යාපෘතියෙන් විදුලිය බලය නිපදවීම 2032/ 2033 වසරේ ආරම්භ කරන බවද ඔහු පෙන්වා දුන්නේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division