24
ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන මහතාගේ 139 වැනි ජන්ම දින සැමරුම අදට (23) යෙදේ. මේ නිමිති කරගත් පුණ්‍ය කටයුතු හෙට (24) සහ අනිද්දා (25) දිනවල සිදු කෙරෙන අතර, ඒ අනුව 24 වැනිදා ලේක්හවුස් ආයතනයේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පවත්වා පසුදින දහවල් මහා සංඝරත්නය 25 නමක් විෂයයෙහි දානමය පින්කමක් පැවැත්වීමට ලේක්හවුස් බෞද්ධ සංගමය විසින් කටයුතු යොදා ඇත.