සහල් වැඩි මිලට විකිණීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මේ වසරේ ජනවාරි 1 දා සිට පෙබරවාරි 15 දා දක්වා සිදු කරන ලද වැටලීම්වලින් අධිකරණයට ඉදිරිපත් කරන ලද නඩු 190කගෙන් රුපියල් 24,040,000/=ක් අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (පාරිභෝගික කටයුතු හා තොරතුරු) ජනක ප්‍රසාද් සිළුමිණට පැවසීය.
සහල් පාලන මිල සම්බන්ධයෙන් 20 වැනි වගන්තියේ 5 වැනි අනු වගන්තිය යටතේ එම නඩු පැවරීම් සිදු කර ඇති අතර, රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ පහ දක්වා සහ, රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ දහය දක්වා එම දඩ මුදල් අයකර ඇති අතර, අවම දඩය රුපියල් ලක්ෂයකි.
සහල් වැඩි මිලට විකිණීම සම්බන්ධයෙන් ඉකුත් 2024 වසරේදී පවරන ලද නඩු 619කින් රුපියල් 45,059,000/=ක් අය කරගෙන ඇති බවද වෙළෙඳුන් සහල් තොග සඟවා සිටීම ඉකුත් දෙසැම්බරයේ රටේ කැකුළු සහල් හිඟයක් ඇති වීමට ප්‍රධාන හේතුවක් වූ බැවින් ඉදිරි රාමසාන් උත්සව සමයේදී කීරි සම්බා හිඟයක් ඇති වීම වැළැක්වීම සඳහා රට පුරා අතිරේක කණ්ඩායම්ද යොදවා වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා සිදු කරන වැටලීම් තවදුරටත් අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.