ක්‍රීඩාව ආභරණයක් කරගෙන, ඒකෙන් හම්බ කරගෙන වැජඹෙන සංස්කෘතිය කවද මේ රටෙන් තුරන් වෙනවද කියල හිතන කොට ඔළුව මඤ්ඤං වෙනවා අප්පා! මොකද කාරණේ කියන්නෙ, මේ විදියට ක්‍රීඩාව විකුණං කන අයට ලැජ්ජාවක් තියෙන්න ඕනැ. එහෙම නැත්තං මේ වගේ ක්‍රීඩා කරවන අයට ලැජ්ජ බයක් තියෙන්න ඕනැ.
අපි පොඩි කාලෙ ක්‍රීඩා කරනව කිවුවාම, එහෙමත් නැත්තං කවුරුත් කියන භාෂාවෙන් ස්පෝට්ස් කරනවා කිවුවම, එහෙම කෙනෙක් දිහා බැලුවෙ පොඩි රෙස්පෙක්ට් එකකින් නේ… ඒ කියන්නෙ ‘ක්‍රීඩාව යහපත් මිනිසෙකු බිහි කරවයි’ කියන පැරණි කියමන අපි දොහොත් මුදුන් තියල පිළිගත්තනෙ. සමාජයේ ලැජ්ජ බය ඇති කෙනෙක් බිහි කරන්නත් ක්‍රීඩාව පාචිච්චි කරන්න පුළුවන් කියන එක අපි කවුරුත් පිළිගත්ත දෙයක්.
ඒකට දැන් කාලෙ… රටක් රිප්‍රසන්ට් කරල ඉන්ටර්නැෂනල් ටූනමන්ට් එකකට හරි ගේම්ස්වලට යවනවා නම් ඒ ස්පෝට් එකට හරි සුදුසුකම් තියෙන කට්ටිය යවන එක වගකීමක් අරගෙන කරන ලොකු ඇඩ්මින් වැඩක් නේ. ඒත් බලාගෙන ගියාම අපේ රටේ එහෙම කරල තියෙන්නෙ ඒ කාලෙ. දැන් එහෙමම නැහැ කියලයි අකැමැත්තෙන් හරි කියන්න වෙන්නෙ. මං මේ කතා කරන්නෙ හැම ස්පෝට් එකක්ම එහෙමයි කියල නෙවෙයි හොඳේ…
කාලයක් තිස්සේ කරගෙන යන තුට්ටු දෙකේ වැඩ… සෙලෙක්ෂන්… ඥාති සංග්‍රහ… රට සවාරි දීම්… මේව ඔක්කොම වෙන්නෙ එක ඉන්ටර්නැෂනල් තැනකින්.
ඒක තමයි අපේ රටේ ජාතික නමින් තියෙන වළලු පහේ මහගෙදර. මේ ගෙදරට දැන් ලෝකෙ ලොකු තැනින්ම බෑන් එකකුත් දමල තියෙන්නෙ. ඒකෙ හිටපු ලොකු ලියන මහත්තයා දාපු සෙල්ලම් නිසයි අපේ රටටම අවනම්බු වෙන විදියෙ බෑන් එකක් ඉල්ලන් කෑවෙ. මෑන්ස් හැම තැනටම කොට කොටා ගිහිල්ලා ලොකු තැනටත් කොටන්න ගිහිල්ලයි ඇනගත්තෙ. මෑන්ස්ට ගෙදර යන්න ටිකට් එක හමබ වෙන බව දැන දැනත් ඊට කලින් දවසක එයාගෙ සෙට් එකක් වින්ටර් ස්පෝට්ස් මීට් එකකට රට යවන්න ගේමක් ගැහැවුවා. ඒකට ක්‍රීඩාවෙ මහගෙදර සමහරුත් උදවු කරල කියන්නෙ. නැත්තං ඉතිං කොහෙ යන්නද…
මේ ටුවර් එකට ඒ රටින්ම වියදම් කරල කියලත් කියනවා. ඒ වුණත් වින්ටර් සීසන් කියල එකක් නැති අපේ රටේ මොන වින්ටර් ගේම්ස්ද? ඒ වුණාට මොකෝ, මොකක් හරි අටව ගෙන ටුවර්ස් යන්න පොකට් එක සරු කරගන්න මෙහේ මහත්වරු හදාගත්ත ස්පෝට්ස් බොඩිස් නෙ… කොහොම හරි මේක මීට් එකට යවපු හතර දෙනාගෙන්ම තුන්දෙනෙක්ම හයර් කරල තියෙන්නෙ පිටරටවල් තුනකින්… කැපටන් විතරයි ලංකාවෙන්. මේ කට්ටිය ගහපු ගේම ගැන මට එහෙන් මෙහෙන් නිව්ස් ආවත් හරියටම මේකෙ විස්තරේ මට කෝල් කරල කිවුවෙ චීනෙ ඉන්න මගේ යාළුවෙක්.
“මචං මේ පහුගිය දවස්වල මෙහේ සීතලම පළාතක තිබුණ වින්ටර් ස්පෝට්ස් ඉන්ටර්නැෂනල් මීට් එකකට ලංකාවෙනුත් හතර දෙනෙක් ආවා. මීටර් 5000ට ලේඩි කෙනෙකුයි මීටර් 10000ට මෑන්ස්ල තුන්දෙනෙකුයි. ආපු සෙට් එකම කරපු ඉවෙන්ට්ස් දෙකෙන්ම රිවර්ස් එකෙන් දිනල. අර ලේඩි ඉවෙන්ට් එකට දුවපු 34 දෙනාගෙන් අන්තිමයා. 10000 ඉවෙන්ට් එකට හිටපු 46 දෙනා ගෙන් අපේ මෑන්ස්ල තුන් දෙනාට 44, 45 හා 46 ස්ථාන වින් කරන්න පුළුවන් වුණා. වැඩේ කියන්නෙ, ටීම් ලීඩර් තමයි අන්තිමයා. මාරයි නෙ! ඒක මචං නුවරඑළියෙවත් ගිහිපු නැති කෙනෙක්ද කොහෙද…”
යාළුවා එහෙම ප්‍රශ්නයක් දාල නැවතුනේ නැහැ. මෙහෙමත් කිවුවා:
“කොහොමද මචං ඔහොම ටුවර්ස් එන්නෙ? උඹලගෙ රටේ ලොක්කො මේව බලන්නෙ නැද්ද? ලීගලි කිසිම සිලෙක්ෂන් කමිටියකින් අනුමත කරල නෙවෙයිලු මේ සෙට් එක ඇවිත් තියෙන්නෙ. අනෙක ඔය ලීඩර් අර ලොකු ලියන මහත්තයගෙ රිලේෂන් කෙනෙක්ලු. අනෙක අර පිටරටවලින් හොයා ගත්ත ඇහින්දාස් තුන්දෙනා සල්ලි දීල ගත්තද සල්ලි අරගෙන ගත්තද දන්නෙ නැහැ මචං. ඔය සංගමේ දැන් අමුතු නමකින් රන් කරන්නෙ අර සැක් කරපු ලියන්නගෙ ගජ යාළුවො දෙන්නෙක් නෙ. මටත් බැරිද මචං ඔය වගේ චාන්ස් එකක් ගන්න. මොකද කාරණේ, ඔහොම ඉතිං රට වන්දනාවෙ යන්න හරි මචං ඇත්ලීට් හරි කෝච් කියල හරි ප්‍රොෆයිල් එකේ එන්ටර් කරගත්ත කියන්නෙ ගොඩ නේ… බලපංකො කීයක් හරි දීල වැඩේ කරගන්න පුළුවන් ඇති…”
“අනේ මචං, මම ඕව දන්නෙ නෑ…” බායි කියල මං කෝල් එක කට් කළා.