AlA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, අඛණ්ඩව තුන් වැනි වරටත් කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) සමඟ ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායිකා සම්මාන උලෙළ සඳහා ප්ලැටිනම් සහකරු ලෙස අත්වැල් බැඳ ගත්තේය. අනාගත කාන්තා නායිකාවන් දිරිමත් කිරීමටත්, ආර්ථික වර්ධනය වෙනුවෙන් කාන්තාවන්ගේ භූමිකාව ඇගයීමට සහ ප්‍රවර්ධනය කිරීමටත්, කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මේ සුවිශේෂ උලෙළ සඳහා සිය දායකත්වය දැක්වීමට හැකි වීම පිළිබඳ AlA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මහත් අභිමානයක් ලෙස සලකයි.
මේ වසරේ ප්‍රතිභාභිෂේක සම්මාන උලෙළ සඳහා ආරාධිත අමුත්තා වශයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ මෙරට අමෙරිකානු තානාපතිනී, ජූලී චංග් මහත්මීහු සහභාගී වූහ. ප්ලැටිනම් සහකරු ලෙස AlA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම වෙනුවෙන් අධ්‍යක්ෂිකා/ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර ප්‍රමුඛ ආරාධිතයෝ රැසක් සහභාගි වූහ.