Home » මාධ්‍ය කර්‌මාන්තයේ උන්නතියට Mark and Comm යෝජනාවලියක්

මාධ්‍ය කර්‌මාන්තයේ උන්නතියට Mark and Comm යෝජනාවලියක්

by Mahesh Lakehouse
March 1, 2025 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට Mark and Comm හි ඇති කැප වීම යළි තහවුරු කරමින්, එහි කළමනාකාර අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් මහතා පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හට ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරමින් එහි වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කළේය.

මේ වාර්තාව මඟින් භාෂා ත්‍රිත්වය තුළ විවිධ මාධ්‍ය හරහා මාධ්‍ය වෘත්තිකයන්ගේ දර්ශනය සහ ඔවුන් උත්සුක වන කරුණු පිළිබිඹු කරන අතර, වඩාත් ශක්තිමත් සහ ප්‍රගතිශීලි ක්ෂේත්‍රයක් පෝෂණය කිරීමේ අවස්ථා ඉස්මතු කරයි. Mark and Comm මීට පෙරද ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ ක්ෂේත්‍රයේ වැඩිදියුණු කිරීමේ කටයුතුවල නියැළී තිබේ. මේ සාකච්ඡා මඟින් රාජ්‍ය අංශයේ වෘත්තිකයන් අතර මහජන සම්බන්ධතා සහ සන්නිවේදනය පිළිබඳ දැනුම්වත් කිරීම ඇතුළුව, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සංවිධාන සංවර්ධනයට බලගැන්වීම සඳහා ශක්‍යතා ගොඩනැඟීම, වෘත්තීය සංවර්ධනය සහ තිරසර විසඳුම් කෙරෙහි අවධානය යොමු කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division