මේෂ – පදිංචි ස්ථානයේ දියුණුව
මුදල් තත්ත්වය යහපත් වේ. සඳු 1, 2, 3 යන භාවයන් මතින් ගමන් ගනියි. ආරම්භය තරමක් ඉවසිලිවන්තව කල් ගෙවිය යුතුය. මව සමග කථා බහේදී විශේෂයෙන්ම සිත් රිදීමක් ඇති විය හැකි හෙයිනි. ඉන් පසු කාලය ඔබට අයහපත් නොවේ. අන්‍යයන්ට ප්‍රියවේ. මුදල් තත්ත්වයද යහපත් වේ. එහෙත් ඉක්මන් තීන්දු තීරණ ගැනීමෙන් වැළකී පදිංචි ස්ථානයේ දියුණුවට කටයුතු කරන්න. දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය සුබ අතට හැරේ. අපල අවම වීමට අභිසම්භිධාන පිරිත කියන්න.
සුබ අංක – 6, 8 / සුබ වර්ණ – නිල් / සුබ දවස් – අඟහරුවාදා, බදාදා.
වෘෂභ – දුර ගමන් බිමන්
සඳු ගමන් ගන්නේ 12 ලග්නය දෙවැන්න මත ගමන් ගනියි. ආරම්භයේ දුර ගමන් බිමන් යෙදෙන්නට හේතු කාරණා යෙදෙයි. සමාජීය සුබසාධක කටයුතු පොදු වැඩ ආදියට සම්බන්ධතා ඇත. මිල මුදල් ලැබීමේ ප්‍රවණතාව ඇතත් විය හියදම් ද වැඩි බැවින් යම් මුදලක් ඉතිරි කර ගැනීමට උනන්දු වන්න. ගෘහ ජීවිතය තුළ ගැටලු අවම වේ. අපල අවම වීමට ධර්මය අසන්න.
සුබ අංක – 5, 6 / සුබ වර්ණ – කොළ, සුදු / සුබ දවස් – සිකුරාදා
මිථුන – ලැබීම් සහිතයි
සඳු ගමන් ගන්නේ 11, 12 ලග්නය හරහාය. මිල මුදල් හෝ ආර්ථික ලාභ ගෙන දෙයි. දුර ගමන් හෝ විදෙස් ගමන්වලට ඉඩ ඇත. ගෘහ ජීවිතය යුග දිවිය ගැටලු නොමැතිව පවත්වා ගත හැකි සතියකි. රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙන අතර යහපත් හිත මිතුරන් මුණගැසේ. දරුවන්ගේ සියලු වුවමනා එපාකම් තෝරා බේරා ඒවාට අවශ්‍ය විසඳුම් ඇති කෙරේ. අපල අවම වීමට කුඩා දරුවන් සැම විටම ආරක්ෂා කරන්න.
සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා.
කටක – රැකියා දියුණුව
සඳු ගමන් ගන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි. රැකියා, ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන ලද හැකි සතියක් වන අතර ඉවසීම මෛත්‍රීය වැනි ගුණාංග තුළින් සේවකයන් රඳවා ගැනීමටත් පාරිභෝගික ජනතාව ආකර්ෂණය කර ගැනීමටත් උනන්දු විය යුතුය. ගෘහ ජීවිතය දරුවන්ගේ යහපත් අරමුණු සතුටුදායකය. දුර ගමන් බිමන් යෙදේ. අපලය අවම වීමට සඳුදා දිනක කහ, සුදු මල් සහිතව බෝධි පූජාවක් කර පත්තිණි දේවියට පින් දෙන්න.
සුබ අංක – 2, 7 / සුබ වර්ණ – සුදු, කහ / සුබ දවස් – සඳුදා, අඟහරුවාදා.
සිංහ – පුණ්‍ය සිතිවිලි ගෙන දෙන සතියකි
සඳු ගමන් ගන්නේ 9, 10, 11 යන භාවයන් මතිනි. ආරම්භයේ සිටම ඔබගේ අරමුණු පින් කිරීම සඳහාය. විහාරස්ථානයේ හෝ පොදු ජනතාවගේ හිත සුව පිණිස ක්‍රියා කරනු ඇත. රැකියා, ව්‍යාපාර ලාභ ගෙන දෙයි. දුර ගමනක් සතිය අවසානයේ යෙදේ. ගෙදර දොර කටයුතු දරුවන්ගේ අරමුණු සපල වේ. අපල අවම වීමට නැති බැරි කෙනෙකුට කුමන හෝ උපකාරයක් කරන්න.
සුබ අංක – 1, 4 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා.
කන්‍යා – රැකියාවේ උසස් වීම්
සඳු ගමන් ගන්නේ 8, 9, 10 යන භාවයන් මතිනි. ආරම්භය සතුටුදායක නොවිය හැකිය. එහෙත් ඉන් පසුව ඔබ පුණ්‍ය කටයුත්තකට දායක වන බැවින් දෙලොව දියුණුවට වැඩ කර ගනී. රැකියා උසස් වීම් හෝ පඩි වැඩිවීමක් බලාපොරොත්තු විය හැක්කේ සතිය අවසානයේය. එසේ නොවුනහොත් තමාගේ සේවය ගැන ප්‍රශංසාත්මක වචනයක් හෝ අසන්නට ලැබේ. අපල අවම වීමට කොහොඹ පැළයකට සත්කාර කරන්න
සුබ අංක – 2, 3 / සුබ වර්ණ – කොළ / සුබ දවස් – බදාදා, සිකුරාදා.
තුලා – ආදායම් තත්ත්වය යහපත්
සඳු ගමන් ගන්නේ 7, 8, 9 යන භාවයන් මතිනි. හවුල් ව්‍යාපාර කටයුතුවලදී ඉවසීමෙන් බලන්න. සේවකයන්ගේ වැරදි කාරුණිකව පහදා දෙන්න. මේ සතිය තුළ ඔබගේ රැකියා, ව්‍යාපාර ආදායම් තත්ත්වය යහපත්ය. දුර ගමනක් ද යෙදේ. ආර්ථිකය ශක්තිමත් බවක් උසුලයි. අපල අනතුරුවලට ද ඉඩ ඇති බැවින් කරන කියන කටයුතුවලදී කල්පනාකාරී වන්න. අපල අවම වීමට දසදිසා පිරිත කියන්න.
සුබ අංක – 4, 7 / සුබ වර්ණ – සුදු, තැඹිලි / සුබ දවස් – සෙනසුරාදා, ඉරිදා.
වෘශ්චික – මිශ්‍රඵල ගෙනදෙයි
සඳු ගමන් ගන්නේ 6, 7, 8 යන භාවයන් මතිනි. සතියේ මුල, අග දිනවල යම් යම් බාධක මතු වුවත් මැදදී ව්‍යාපාර අංශවල දියුණුවක් පෙන්නුම් කරයි.
ගෘහ ජීවිතය දරුවන්ගේ කටයුතුවලට බාධාවක් නොමැත. එහෙත් මිතුරු ඇසුරේදී කල්පනාකාරීව හැසිරෙන්න. අවේලාවේ ගමන් නොයන්න. එය ඔබේ අපල අවම වීමට හේතු වේ.
සුබ අංක – 2, 7 / සුබ වර්ණ – රතු / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා.
ධනු – ස්වයංරැකියා ලාභ
සඳු ගමන් ගන්නේ 5, 6, 7 යන භාවයන් මතිනි. දරුවන්ගේ අධ්‍යාපනික දියුණුව මෙන්ම අනෙකුත් කටයුතුද සෑහීමකට පත්විය හැකි අයුරින් විසඳේ. රැකියා ව්‍යාපාර ලාභ, ස්වයංරැකියාවලට ඉල්ලුමක් පවතී. විදෙස් ගමන් සපල විය හැකිය. පුණ්‍ය කටයුතු සිදු කරයි. උසස් උගත් මිතුරන් මුණගැසේ. අපල අවම වීමට බෝ මළුව අමදින්න.
සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ, තැඹිලි / සුබ දවස් – බදාදා, සිකුරාදා.
මකර – ගෘහ අලංකාරයට මුල් තැනක්
සඳු ගමන් ගන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. ගෙදර දොර වැඩ කටයුතුවලදී කලබලකාරිත්වය අපල ඇති කරයි. ගෘහ අලංකාරයට මුල් තැනක් දීම විශේෂයි. දරුවන්ගේ අධ්‍යාපනය සතුටුදායක වේ. මා පිය දූදරු සබදතා වැඩිදියුණු වේ. ගෘහ ජීවිතය ගැටලුවලින් තොර අතර ගමන් බිමන් අධික වේ. අපල අවම වීමට භාවනාවක යෙදෙන්න.
සුබ අංක – 8,9 / සුබ වර්ණ – නිල්, සුදු / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා.
කුම්භ – දූදරුවන්ගේ අභිමතාර්ථ ඉටු වේ
සඳු ගමන් ගන්නේ 3, 4, 5 යන භාවයන් මතිනි. ඔබගේ සියලු ප්‍රාර්ථනා යම් තරමකට හෝ ඉටුවන සතුටුදායක සතියකි. ආරම්භයේදී කාර්යබහුල ජීවිතයක් ගත කලත් යම් අස්වැසිල්ලක් සිතට ගෙන දෙයි. දරුවන්ගේ අභිමතාර්ථ ඉටුවේ. අධ්‍යාපනය දියුණු වේ. ආර්ථිකය යහපත් වේ. අසනීප පිළිබඳව සැලකිලිමත් වන්න. අපල අවම වීමට රෝගීන්ට උදවු කරන්න.
සුබ අංක – 7, 9 / සුබ වර්ණ – රතු, සුදු / සුබ දවස් – සිකුරාදා, බ්‍රහස්පතින්දා.
මීන – ධන ලාභ
සඳු ගමන් ගන්නේ 2, 3, 4 යන භාවයන් මතිනි. ඔබට යම් කිසි මුදල්මය ලාභයක් ලැබීමේ ඉඩ කඩ පවතී. ස්වයංරැකියාවලට සහජ දක්ෂතාවලට ඇගයීම් ලැබේ. ඒවායින් ජයග්‍රහණ අත්වේ. සහෝදර උපකාර හිමිවෙයි. පුණ්‍ය කටයුතුවලට ද දායකත්වය ඇති කරයි. අපල අවම වීමට බෝ මළුව අමැද පැන් කළයක් බෝධියට වත් කරන්න.
සුබ අංක – 4, 9 / සුබ වර්ණ – කහ, සුදු / සුබ දවස් – බ්‍රහස්පතින්දා, අඟහරුවාදා.