Home » හඬ තියා ඇය ගියා

හඬ තියා ඇය ගියා

by Mahesh Lakehouse
March 1, 2025 12:30 am 0 comment

60-70 දශකවල සංගීත ‍ෙ‍්‍ත්‍රයේ බිහි වූ ගායනවේදීන් වේදිනියන් පැරැණි ගායක ගායිකාවන් ලෙස වර්තමානයේ දී හැන්වෙනු අපි බෝහෝවිට අත්දැක ඇත්තෙමු. මෙහි යම් වරදක් ඇතැයි මට සිතේ. මා එසේ සිතන්නේ ඔවුන් වියපත් වුවද ඔවුන් විසින් නිර්මාණය කළ හා ගායනා කළ බොහෝ ගීත පැරැණි නොවන සර්වකාලීන නිර්මාණ වන හෙයිනි.

වත්මනෙහි නිර්මාණය වන ගීත මෙන් ඒවා ගයන්නන්ගේ හඬ හෝ ශෛලීන් පිළිබඳ හැදෑරීමක් කරන්නේ නම් මේ වෙනස වඩාත් හොන් පැහැදිලිවනු ඇත. එසේම එදා ගායන ෙ‍්‍ත්‍රයට ඇතුළු වූ සෑම ශිල්පියෙක් ශිල්පිනියක් පාහේම උක්ත විෂය පිළිබඳ අධ්‍යයනයක් ලැබූ අය වූහ. අමිතා වැදිසිංහ එවැනි පිරිපුන් කුසලතා පිරි පරපුරක සංගීත ෙ‍්‍ත්‍රයේ නොමැකෙන සටහනක් තැබූ ගායනවේදිනියකි. කිරැළපොන කොළඹගේ මාවත, කොළඹ 6, ලිපිනය දරන නිවසේ 1943 උපත ලද අමිතා නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත්ව සංගීත ඩිප්ලෝමා උපාධිය දිනාගත් මුල් යුගයේ සංගීතවේදිනියකි.

ගුවන් විදුලියේ ළමා පිටියෙන් ගායනට එක්වූ ඇය 1961දී පියසිරි විජේරත්නයන් සමඟ ගැයූ “බැද්ද පුරා සුදු රෙද්දවගේ” නමැති ගීත‍ෙයන් ජනප්‍රියතාවට පැමිණි අතර, 1962 වසරේ ගුවන් විදුලි ඒ ශ්‍රේණියේ ගායිකාවක බවට පත්වූවාය. සංගීත ආචාර්යවරියක ලෙස සේවය කරන අතර ම චිත්‍රපට නාට්‍ය මෙන්ම සරල ගී රාශියක් ගායනා කළාය. ඇය ගායනා කළ ගීත අතරින් “සෙංකඩගලපුර, මේ උදාර ලංකදීපයයි, රන් දොරින් එන්න ආදරේ, පින්න මල් පිපී, කන්ද උඩින් පායන සඳ ලීලා, තාරකාවලින් ලියූ, ගලන දොලේ, අම්බිලියෝ, හි කුමයි” වැනි ගීත මෙන්ම අමරදේවයන් සමග ගැයූ “අනෝතත්තවිල නෙළුම” මර්වින් පෙරේරා සමග ගැයූ “එකමොහොතක් ඔබ සෙවණේ, ටියුඩර් ජයශාන්ත සමග ගැයූ “විලක නෙළුම් මට කුමටද” ඒ. එල්. බී කන්දේපොල සමඟ ගැයූ “ආදර චාරිකා” නිමල් ගුණසේකර සමග ගැයූ “පෝයදාට පායන සඳ වැනි ගීත වඩාත් ජනතා ආකර්ෂණයට ලක් විය.

ගුවන් විදුලියෙන් සරල ගී ශිල්පීන් තෝරාගැනීම සඳහා පැවති පරීක්ෂණවලදී අනුගමනය කළ නිර්ණායකයන්ට අනුව ආකර්ෂණීය කටහඬ (HYPNOTIZING VOICE) ස්වර නොබිඳ ශ්‍රැතියට අනුව ගැයී‍ෙම් හැකියාව මෙන්ම මන්ද්‍ර, මධ්‍ය හා උච්ච යන ස්වර පරාසයන් තුළ කටහඬ පැතිරවී‍ෙම් හැකියාව පිළිබඳ වඩාත් අවධානයක් යොමු වූ අතර අමිතා‍ෙග් ගායනය එකී සියලු නිර්ණායකයන් සපි වෙනස්ම ආරක හඬක් සහිත ගායනයක් ලෙස ඇගයීමට ලක්විය.

විශේෂයෙන් ඉහළ ස්වර පරාසය තුළ සිය කටහඬ පවත්වාගෙන යාමට ඇයට තිබූ හැකියාව නිසාම ඇගේ හඬ රිදී තිරයට උචිත හඬක් සේ සලකා චිත්‍රපට ගී ගායනය සඳහා බොහෝ විට ඇය යොදවා ගන්නා ලදී. සංගීත අධ්‍යාපනයෙන් හෝ ස්වෝත්සාහයෙන් හෝ ලබාගත නොහැකි උපතින්ම ලබන ප්‍රාචීණ පවන් වාසනා ගුණ ය නිසාම පමණක් ලබන්නේ යැයි සඳහන් කළ දුර්ලභ මිහිරි ආකර්ෂණීය කටහඬක් ඇය සතුවිය.

පසුව ඇය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර සංගීත අධ්‍යෂවරියක් ලෙස පත්වූ අතර ඇගේ පළමු ඒක පුද්ගල ගී ප්‍රසංගය “අමිත ගී” නමින් 1980 වසරේ දී ද “අනෝතත්ත විල” ප්‍රසංගය පසු කාලයක දී ද පවත්වන ලදී. ඇය සමඟ ම සංගීතය හදාරා එම යුගයේම ගායන ෙ‍්‍ත්‍රයට පිවිසි සමකාලීන ශිල්පීන් ලෙස නන්දා මාලනී, ගුණදාස කපුගේ, සුජාතා අත්තනායක, වික්ටර් රත්නායක, මර්වින් පෙරේරා වැනි නම් කිහිපයක් ද මෙහිදී සිහිපත් වේ.

මා කලක් ඇය ඇසු කිරීමට භාග්‍ය ලද අතර නවකයන්ට අතදීම සරල ගති පැවැතුම් හා නිහතමානීත්වය මම හොන් හදුනාගෙන සිටියෙමි. මා වැනි තවත් අධුනිකයින් සමඟ යුග ගී ගැයීමට ඇය කිසි දිනක ප්‍රතිප කළේ නැත. රත්න ශ්‍රී ඇතුළු එවකට බොහෝ නවකයින් ගේ ගී පද රචනා ගායනා කිරීමට ඈ නොපැකිලව ඉදිරිපත් වූවාය. බෝහෝ වයෝවෘද්ද ශිල්පීන්ට ඇය මුදලින් පවා ආධාර කරනු මා නො‍ෙයක්වර දැක තිබේ.

පුරා වසර හැටපහක පමණ කාලයක් සක්‍රීයව සංගීත ෙ‍්‍ත්‍ර‍ෙය් නියැලී උන් ඇය ශ්‍රී ලංකා කලාමණ්ඩලයේ “කලාභිමාන” ගෞරව සම්මානය ගුවන් විදුලියේ සම්මාන රාශියක් මෙන්ම සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් පිරිනමනු ලබන කලා භූෂණ 2021 සම්මානය ද හිමිකර ගත්තාය.

අප රටේ සාමාන්‍ය ක්‍රමය අනුව සම්මාන හැණු විට කලාකවන් රැකබලාගන්නා ක්‍රමයක් නොමැති බව අපි කවුත් දනිමු. එසේ වුවද අමිතා වැදිසිංහ නම් වූ ඒ ශ්‍රේෂ්ඨ කලාකාරිනිය අැගේ දූ දවන් විසින් ආදරයෙන් රැකබලාගත් බව නම් නොකියා නොහැකිය.

අමිතා වැදිසිංහ ගැයූ “බැද්දපුරා සුදු රෙද්ද වගේ” ගීතය මෙම QR කේතයෙන් ශ්‍රවනය කළ හැකිය.

සංගීතවේදී නිමල් ගුණසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division