සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය සන්නිවේදන සැලසුම් අධ්‍යයනාංශයේ, දෘශ්‍ය කලා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංජිත් ධර්මතිලක ගේ 9 වැනි ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය “බලයෙහි රිද්මය” මාර්තු 06 – 09 දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 7.00 දක්වා කොළඹ 07, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්වේ.
මේ හැඳන්වීම ඒ වෙනුවෙනි.
බලයෙහි රිද්මය (The rhythm of power)
ලෝකයේ සෑම රටකම සෑම ජාතියකම අනන්‍ය වූ සංස්කෘතියක් ඇත. එම සංස්කෘතිය එම ජාතියේ කැඩපතක් බඳුය. සංස්කෘතියක් සැමවිට ම වෙනසකට ලක් වුව ද එහි වූ ඓතිහාසික විඥාණය එම සංස්කෘතියේ නූතන පැවත්ම හා කියවීම කෙරෙහි බලපායි. එසේ වූ ශ්‍රී ලංකේය සංස්කෘතික ඉතිහාසයේ හැඩය අතිශය ගාම්භීර, රාජකීය විලාසය, රාජකීය බලය, යුදමය වාතාවරණය, ජන අරගලය, ජන විවිධත්වය, ලෞකික පැවත්ම සහ ආධ්‍යාත්මික පැවැත්ම විදහා පාන්නක් විය. එම ප්‍රවේශය තුළ සංයමය, ගුප්ත බව, ආවේගය, මිත්‍රශීලී බව, සමගිය සහ බලය ආඩ්‍යව පවතී. මෙහි වූ රූපමය විලාසය, විවිධත්වයන්, ඇඳුම් පැළඳුම්, ගොඩනැඟිලි, ගමනා ගමනය, ජන හැසිරීම් සහ ආගමික පිළිවෙත් තුළින් එරටෙහි සමාජයීය, සංස්කෘතික අනන්‍යතාව කෙබඳු දැයි අර්ථ කථනය කෙරේ.
ඓතිහාසික සමාජ සංස්කෘතික ක්‍රියාකාරකම්හි හැඩරුව, විලාස, ආකාර සහ අවස්ථා තුළ ඇති අපූර්වත්වය අප සාහිත්‍ය කියවීම් තුළින් හා දෘශ්‍ය කියවීම් තුළින් හඳුනාගෙන ඇත්ෙතමු. එම කියවීම් හුදෙක් දෘශ්‍ය කාව්‍යයක්ම ය. ශ්‍රී ලාංකේය අතීත ශ්‍රී විභූතිය ඉතා ගාම්භීර, ක්‍රියාකාරී හා විචිත්‍ර එකක් විය. එනම්, රාජත්වය පෙරටුගාමී වූ විලාසයක් පෙන්නුම් කරයි. ප්‍රභූත්වය, දේවත්වය, උත්සවශ්‍රීය, අභිමානය මෙන් ම යටහත් පහත් බව එයින් පෙන්නුම් කරයි.
මෙවැනි ම හැඩරුව හා ක්‍රියාකාරකම් නූතන සමාජ සංස්කෘතික කියවීමෙන් ද හඳුනාගත හැකිය. ඇත්තේ අතීත හැඩරුවෙන් වෙනස් වූ මුහුණුවරකි. එහෙත් හැඟීම්, ක්‍රියාකාරකම්, අවශ්‍යතාවන් සහ අපේක්ෂාවන් එකම වේ.
සමකාලීන නිර්මාණ ප්‍රවේශය
සමකාලීන නිර්මාණ ප්‍රවේශයේ දී තේමාව, ඇඳීමේ ශෛලිය, වර්ණ භාවිතය, හැඩතල හා රිද්මය. දෘෂ්ටිය සහ අර්ථ කථනය ඉතා වැදගත් වේ.ඵෛතිහාසික වූ සමාජයීය, සංස්කෘතික, දේශපාලනික හා පාරිසරික ප්‍රපංචයන් නූතන සන්දර්භය තුළ පවතින සමාජයීය, සංස්කෘතික, දේශපාලනික හා පාරිසරික සංසිද්ධීන් හා සමගාමී දෘෂ්ටියෙන් දැකීම ජන මතය කෙරෙහි දැඩිව බලපෑම් කරයි. එනම් සෑමවිට ම ඓතිහාසික විඥානය තුළින් නූතන සිදුවීම් දෙස යථාර්ථවාදී ව බැලීමට මං පෙත් විවර කර දෙයි.
නූතනයේ අප දකින, අත්විඳින හා අත්දැකීම් අතීතය තුළින් ආවර්ජනය කර ගනිමින් ඒ තුළ ප්‍රේක්ෂකයා රඳවා තබා ගැනීම මෙහි ප්‍රධාන ක්‍රමෝපායයි. එතුළ ගතින් හා මනසින් සැරි සැරීම, එහි ඇති භාවය හා රිද්මය තුළ ජීවත් කරවීම මෙහි දී අපේක්ෂා කෙරේ.
අතීතයෙහි අප අසා ඇති එහෙත් දැක නැති එය මෙසේ යයි මනසින් උපකල්පනය කළ හැකි බල අරගලය, වහල් බව, ගැතිකම, ඒකීයත්වය සහ උදාරත්වය සමකාලීන ශෛලියකින් හා සමකාලීන ප්‍රවේශයකින් ඉදිරිපත් කිරීම ප්‍රේක්ෂක අවධානයට හේතුවන කාරනයකි. නිර්මාණශීලී ප්‍රවේශය මෙන් ම මෙතුළින් සන්නිවේදන ප්‍රවේශය ගෙන ඒම ද විශේෂය. වියුක්ත ප්‍රකාශනවාදී ශිල්ප ක්‍රමය තුළින් නිදහස් මෙන්ම භාවාත්මක ප්‍රවේශයකින් ඉදිරිපත් කිරීම නිර්මාණ ශීලී ප්‍රකාශනමය අර්ථ කථනයක් ගෙන දෙන අතර එහි ඇති අලංකාරය, සරල බව හා අවස්ථාව සියුම් ව මතු කර දැක්වීමෙන් නිදර්ශණමය හෝ සන්නිවේදනමය ගුණාංග ඇතුළත් ප්‍රවේශයක් කරා ද අවධානය යොමු කරවයි. විශේෂයෙන් නගර දර්ශනයන්හි පිටත සහ ඇතුළත අවධානය සහ ආකර්ෂණීය අවස්ථාවල සැඟවුණු හැඟීම්, විලාස සහ අර්ථ මෙසේ භාවමය සංරචනාත්මක ප්‍රවේශයකින් පෙළගැස්වීම සිදුකර ඇත.