පොතපත කියවීම දියුණු කරමු
‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’ යනු ලොකු කුඩා කා අතරත් බෙහෙවින් ජනප්‍රිය වූ වටිනා හා ගැඹුරු අරුතක් දෙන කියමනකි. කියවීම යනු අතට හසු වන ඕනෑම දෙයක් ඉවක් බවක් නැතිව කියවීම නොවේ. යමක් පිළිබඳ නිවැරදි අවබෝධයක්, දැනුමක්, වර්ධනය කර ගැනීමටත්, නිවැරදිව ක්‍රියාවට නැඟීමටත් පහසු වන ආකාරයේ නිරවුල් කියවීම හා ප්‍රායෝගිකත්වය සඳහා යොදා ගනී. කියවීම කරන පුද්ගලයා බොහෝ දේ දකී. ඔහු නිර්මාණශීලි තැනැත්තෙකි; පූර්ණ මිනිසෙකි; සංවර්ධනය වන ලෝකය හා බැඳී නිවැරදිව ඉදිරියට යන්නෙකි.
කියවීමෙන් තොර වූ පුද්ගලයා දූපත් මානසිකත්වයට කොටු වූ, පටු දැනුම් සහිත, ප්‍රායෝගික සංවර්ධනය කරා පිය නැඟිමට අසීරුතා දක්වන, අඩු දැනුමකට හිමිකම් කියන්නකු බව කිව හැකිය. ඔහු ළිං මැඬියෙකුට සමාන කරන්නේ එහෙයිනි. මෙසේ දියුණු වන ලෝකය සමඟ මිනිසාට ජීවත් වීමට නම් කියවීම අත්‍යවශ්‍ය බව කිව යුතුය.
උගතුන්, වියතුන්, කවියන්, විද්‍යාඥයන් යන සෑම සියලු දෙනාට අයත් පුද්ගලයන් විසින් පරීක්ෂණ නිරීක්ෂණ අත්හදා බැලීම් ඔස්සේ දැනුම් සම්භාරයක් හා නිර්මාණයක් පොත්පත් ලෙස බිහි කොට ඇත. ඒ පත පොත පරිශීලනය අනුපමේය වූ භාෂාත්මක, විද්‍යාත්මක හා තාක්ෂණික දැනුම් පෝෂණය සඳහා බෙහෙවින් උපකාරි වේ.
පූජනී භාග්‍යා පෙරේරා
11 ශ්‍රේණිය ඒ,
ක/ සද්ධාතිස්ස මහා විද්‍යාලය.
හඳ
හඳ අපට සොබාදහමින් ලැබුණු හොඳම දායාදයකි. එය අපට රාත්‍රියට එළිය දෙයි. හඳ පෝය දවසට රන්තැටියක් සේ පායා තිබේ. හඳ ගොඩක්ම ලස්සන පුර පෝය දවසටයි. හඳ ගැන ගොඩක් කවි ගීත ලියවී තිබේ. මම රෑ කළුවරේ හඳ බලන්න හරි කැමැතියි.
ගනිඳු මන්විසි
4 ශ්‍රේණිය
මාම්පේ කනිෂ්ඨ විද්‍යාලය,
පිළියන්දල.
පූසෝ
නිතර නිතර අපේ ඇඟේ දැවටෙනා පූසෝ
ඤාව් ඤාව් කිය කියා ළඟ රැඳෙනා පූසෝ
සෙල්ලම් කරමින් දුව පනිනා පූසෝ
අපව සතුටු කරනා අපේ පුංචි පූසෝ
දිල්ෂි සශ්‍රීකා
12 ශ්‍රේණිය, බෞද්ධ බාලිකා ජාතික පාසල,
කිරිමැටියාන.
මම මාළුවෙක් වෙමි
මගේ ඇඟේ විවිධ වර්ණ ඇත. මම ජලයේ ජීවත් වෙමි. මම කරමල්වලින් හුස්ම ගනිමි. මට පිහිනීමට වරල් තිබේ. මම ජලජ පැළෑටි කෑමට කැමැත්තෙමි. මා මෙන් ම මගේ යහළුවනුත් ඉතා ලස්සනයි.
සනුජ විමලසිරි
5 ශ්‍රේණිය බී, උඩුගහ වල්පොළ ඒකාබද්ධ විද්‍යාලය, ගම්පහ.
වියෝ වූ අත්තම්මා
නෙත් දෙකින් උණු කඳුළු සීරුවට වෑහුණා
සිත් මලේ පෙති එකින් එක පෙළට පර වුණා
ජීවිතේ තිබූ සතුට ක්ෂණයකින් වියැකුණා
ආත්තම්මා ළඟ නැතිව මාසයක් ගත වුණා
සන්ධියේ මං පුංචි නුඹෙ උකුළු ලතාවේ
නැළවුණේ දෙවැනි මවු නුඹ සිතා ශ්‍රියාවේ
නොදැනුණේ මං එදා ඔබ නිසා මුළාවේ
කිසි දිනේ දරනු බැහැ දුක් ගින්න වියෝවේ
විටෙන් විට ටිකෙන් ටික දින ගණන් ගත වෙනා
පෙමින් පෙම වරින් වර මුව කමල මැවෙනවා
ළඟින් හිඳ දිනෙන් දින කිව් කතා සිහිවෙනවා
සැපෙන් සැප සංසාරේ හිමි වෙන්න පතනවා
එච්.කේ. ඉසිරි දේවින්දි
13 ශ්‍රේණිය ඒ
ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය,
ඌරාපොළ.
පරිසර සුන්දරත්වය රැක ගනිමු
පරිසරය යනු ගස්වැල්, සතුන්, විවිධ වර්ගයේ ඇළ දොළ ආදියෙන් සමන්විත අපේ වටපිටාවයි. පරිසරය සුන්දර වී ඇත්තේ එහි විචිත්රත්වය හේතුවෙනි. පරිසරයේ ඇති ඇළ දොළවල සුන්දරත්වය වචනවලින් කියා නිම කළ නොහැකිය. දියලුම ඇල්ල, මහවැලි ගඟ යන ඒවාවල සුන්දරත්වය ඉතා දැකුම්කලුය. ඒ වගේ වනාන්තරයෙන් වට වූ ඓතිහාසික ස්ථානවලින් පරිසරයේ විචිත්‍රවත් බව විදහා දක්වයි.
එහෙත් අද වන විට ඒවා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වෙමින් පවතී. මෙය එසේ නොවීමට වග බලා ගැනීම වර්තමානයේ ජීවත් වන්නන් හැටියට අපේ වගකීම හා යුතුකම වෙයි. මන්ද: අද අප ඒ සුන්දරත්වය විඳ ගන්නේ අපේ මුතුන් මිත්තන් ඒවා දේවත්වයෙන් සලකා රැක ගෙන, අපට උරුම කළ බැවිනි.
එෆ්.ජේ. සයිද්
8 ශ්‍රේණිය ඒ,
විද්‍යාලෝක විද්‍යාලය,
ගාල්ල.