පොලීසිය සැකකරුවන් දෙදෙනකු අල්ලාගෙන කොටහේනේදී තැනකට ගෙන ගොස්, ඔවුන් “ආයුධ උදුරාගෙන වෙඩි තබන්න තැත් කළාය“ කියා
වෙඩි තබා ඝාතනය කර ඇත.
මෙසේ මේ දෙදෙනාට වෙඩි තබා ඝාතනය කිරීමෙන් තුන් දෙනකු මිය ගොස් ඇත.
දෙදෙනකුට නම් වෙඩි වැදුණේ තුන් දෙනෙකු මිය යන්නේ කෙසේද?
එසේ මිය ගිය තුන්වැන්නා කවරෙක්ද?
එසේ මිය ගිය තුන්වැන්නා අප රටේ නීතියයි.
එහෙනම් මීට කලින් ආණ්ඩු තිබුණු සමයේ මාකදුරේ මධූෂ්ට වෙඩි තබා ඝාතනය කළහ.
එතකොට දෙදෙනකු මිය ගියා කියාලද කියන්නේ?
නෑ, නෑ.
ඒ අවස්ථාවේදී දෙදෙනකු මිය ගියේ නැත. මධූෂ් පමණයි මිය ගියේ.
ඒ කොහොමද එහෙම වෙන්නේ?
මෙතැනදි තුන්දෙනෙක් මිය ගියා කියනවා.
එතැනදී දෙදෙනෙක් මිය ගියේ නැත්තේ, මධූෂ් පමණක් මිය ගියා යැයි කියන්නේ කෙසේද?
ඒක සිදු වුණේ මෙහෙමයි.
ඒ කාලය වන විට රටේ නීතිය මිය ගොස් වළ දමා තිබුණා.
මේ කාලයේ නීතිය වළෙන් ගොඩ ගෙන, යන්තම් පණ දුන්නා පමණයි. ඔවුන් වෙඩි තබා ඝාතනය කර ඇත.