– මෝදර නිපුණගේ කෝටියක කුඩු එක්ක ඇල්ලූ ජාවාරමාගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 4ක්
– කුලී ඝාතනවලට මෝටර් බයිසිකල් කුලියට දෙන ෙදදෙනකුත් මාදම්පේදී දැලේ
– වැටලීම් දෙකම සිදු කරන්නේ බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධරයන් විසින්
බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධරයන් ද එම පළාතේ අපරාධ මර්දන ක්‍රියාවලිය අතින් ඉදිරියෙන්ම සිටින ඒකකයකි. පසුගිය කාලයේ පමණක් එම ඒකකයේ නිලධාරීන් සිදු කරන ලද විමර්ශනවලදී ලබාගත් ප්‍රගතිය අතිවිශාලය. අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් සංඛ්‍යාවද සැලකිය යුතු තරම්ය.
එම ඒකකයේ නිලධාරීන් කණ්ඩායම් දෙකක් පසුගිය දිනවලදී සුවිශේෂී වැටලීම් දෙකක් සිදු කරන ලදි. ඉන් පළමුවැන්න කුලී ඝාතකයන් සඳහා මෝටර් බයිසිකල් කුලී පදනම මත ලබා දෙන සංවිධානාත්මක ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමයි.
එම කතාවේ මුල, මැද, අග මෙලෙසය.
මෙරටදී විවිධ ප්‍රදේශවලදී සිදු කරන සංවිධානාත්මක අපරාධවලට උපයෝගී කරගැනීම සඳහා කුලි පදනම මත මෝටර් බයිසිකල් ලබාදෙන ස්ථානයක් සහ පුද්ගලයන් සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැරයන් (70471) තෙන්නකෝන්ට පසුගියදා තොරතුරක් ලැබෙන්නේ සිය පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙනි.
මේ ගැන සියුම් විමර්ශනයක් සිදු කරන සැරයන් (70471) තෙන්නකෝන් හෙළිකර ගන්නේ එසේ ලැබුණු තොරතුරු සත්‍ය බවය. සිය ජ්‍යෙෂ්ඨ නිලධරයන් මේ ගැන දැනුම්වත් කරන සැරයන් තෙන්නකෝන් අදාළ ස්ථානය සහ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සූදානම් වන්නේ සිය උසස් නිලධරයන්ගේ උපදෙස් මතය. කුලී ඝාතකයන් සඳහා එලෙස මෝටර් බයිසිකල් කුලී පදනම මත ලබා දෙන පුද්ගලයන් සිටින්නේ හලාවත, මාදම්පේ ප්‍රදේශයේ බවට සැරයන් තෙන්නකෝන් ඒ වන විට හෙළි කරගෙන තිබිණි.
ඒ අනුව මාදම්පේ ප්‍රදේශයට යන පොලිස් කණ්ඩායම සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නේ අනතුරුවය. එම පුද්ගලයන් දෙදෙනාම මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෝය. මේ දෙදෙනාගේ නිවෙස්වල තිබුණ මෝටර් බයිසිකල් තුනක් පොලිස් භාරයට ගැනිණි. එම මෝටර් බයිසිකල් පිළිබඳව සිදු කරන ලද විමර්ශනවලදී හෙළිවන්නේ ඒවා කුලියාපිටිය, හෙට්ටිපොළ සහ මාදම්පේ ප්‍රදේශවලින් සොරකම් කරන ලද ඒවා බවය. එලෙස සොයා ගන්නා ලද එක් ‘මෝටර් බයිසිකලය‘ක ලියකියවිලි සම්බන්ධ කිසිම තොරතුරක් සොයා ගැනීමට පොලීසියට නොහැකි විය.
කුලී ඝාතන සඳහා මෝටර් බයිසිකල් කුලී පදනම මත ලබා දෙන මෙම ජාවාරම පිටුපස සිටින්නේ මේ වන විට ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින පාතාල කල්ලි සාමාජිකයකු බවද පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත. ඔහු ඩුබායි සිට ලබාදෙන උපදෙස් මත අදාළ සැකකරුවන් දෙදෙනා එම මෝටර් බයිසිකල් කුලී ඝාතන ඇතුළු විවිධ අපරාධ සඳහා ලබාදෙන බවද විය. සොයා ගන්නා ලද මෝටර් බයිසිකල් තුනම මහමඟ අයිනේ නවතා තිබියදී සොරා ගන්නා ලද ඒවාය.
බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජේ.එච්. එම්. එන්. ජයපත්ම, සහකාර පොලිස් අධිකාරී උදයකුමාර යන නිලධරයන්ගේ උපදෙස් මත එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ මෙහෙයවීමෙන් ඒකක 03 ස්ථානාධිපති ඊ. ජී. අනුර, සැරයන්වරුන් වන (40730) ධනුෂ්ක, (70471) තෙන්නකෝන්, (72338) ලලන්ත, කොස්තාපල්වරුන් වන (76495) ක්‍රිෂාන්ත, (1114887) තිසේරා, කොස්තාපල් රියැදුරු (15079) ජයසිංහ ඇතුළු නිලධරයන් මේ වැටලීම සිදු කරන ලදි.
මේ අතර බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධරයන් පසුගියදා සිදු කරන ලද තවත් සුවිශේෂී මෙහෙයුමකින් විදෙස්ගත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන ‘මෝදර නිපුනගේ’ ගෝලයකු රුපියල් කෝටියකට වඩා වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි විය.
මේ වැටලීම සිදු කරන්නේ බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැරයන් (38723) රංජිත්ට ලැබුණ තොරතුරු අනුවය. රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් අටක් සමඟ මෝටර් රියකින් ගමන් කරමින් සිටියදී කඳාන දුම්රිය පොළ පාරේදී අල්ලා ගන්නා ලද 28 හැවිරිදි සැකකරු බොරැල්ල සහස්පුර ප්‍රදේශයේ පදිංචි අයෙකි.
දැනට විදේශයකට පලා ගොස් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මෝදර නිපුනගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැරයන් (38723) රංජිත්ට තොරතුරු ලැබෙන්නේ පසුගියදාය. ඒ අනුව කඳාන දුම්රිය පොළ පාර ප්‍රදේශයේදී හදිසි මාර්ග බාධකයක් යොදා සිදු කළ පරීක්ෂාවේදී මෝටර් රථයකින් ගමන් කළ සැකකරු අල්ලා ගැනීමට සැරයන් (38723) රංජිත් ඇතුළු කණ්ඩායමට හැකි විය.
එහි රියැදුරු අසුනේ සිටි පුද්ගලයා සන්තකයේ තිබියදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 08ක් සහිත තිබුණ පාර්සල් 5ක් සොයා ගැනිණි.
සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී එම මත්ද්‍රව්‍ය මේ වන විට විදේශයකට පලාගොස් සිටින ‘මෝදර නිපුන’ නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් ඒවා බවට තොරතුරු හෙළි විය.
එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු මෝදර නිපුනගේ උපදෙස් මත වසරක කාලයක සිට මෙම ජාවාරමේ නිරතව සිට ඇති අතර ඒ සඳහා ඔහුට රුපියල් ලක්ෂ 04ක වැටුපක් ලබා දී තිබේ. ඊට අමතරව රුපියල් එක් ලක්ෂ අසූ දහසක කුලී පදනම මත සුඛෝපභෝගී වාහනයක් ද ඔහුට ලබා දී තිබුණු බවද හෙළි විය.
මේ සැකකරු කඳාන, රාගම, බැලුම්මහර, මෝදර, බොරැල්ල ප්‍රදේශවල මහා පරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවද අනාවරණය වන්නේ සිදු කරන ලද විමර්ශනවලදීය. සැකකරු සහ මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා කඳාන පොලිසියට බාර දී තිබේ.
බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජේ.එම්.එම්. එන්. ජයපත්ම, සහකාර පොලිස් අධිකාරි උදයකුමාර යන නිලධරයන්ගේ උපදෙස් මත එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක හේමන්ත කුමාරගේ අධීක්ෂණයෙන් සැරයන්වරුන් වන (38723) රංජිත්, (40730) ධනුෂ්ක, (56958) ප්‍රසන්න, කොස්තාපල්වරුන් වන (83774) සුධිර, (81612) සම්පත්, (88721) යාපා, (104619) කිත්සිරි, (15079) ජයසිංහ යන නිලධරයන් විසින් වැටලීම සිදු කරන ලදි.

අත්අඩංගුවට ගත් මත්්‍ද්‍රව්‍ය සමඟ වැටලීම කළ නිලධාරීන් කණ්ඩායම
ඡායාරූප – කොට්ටාව ශාන්ත කුමාර