Home » මාපලගම විපුලසාර නාහිමිගේ ජන්ම ශත සංවත්සරය අද

මාපලගම විපුලසාර නාහිමිගේ ජන්ම ශත සංවත්සරය අද

by Mahesh Lakehouse
March 1, 2025 12:31 am 0 comment

බෞද්ධ කලාවට නව මානයක් එක් කළ ජගත් පූජිත කලාකරුවකු හා ශ්‍රේෂ්ඨ ධර්මදූතයකු වූ කලාසූරි මාපලගම විපුලසාර නාහිමියන්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් සමරු උත්සවයක් අද (2) ප.ව. 3ට රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙනේදී පැවැත්වේ. මෙහිදී සම්මානිත මහාචාර්ය දයා අමරසේකර විසින් සමරු දෙසුමක් පවත්වනු ලබන අතර, ‘විපුලසාර ජන්ම ශතාබ්ද පූර්ති’ පුස්තිකාවද එළිදැක්වේ.

මේ නිමිති කරගෙන පැවත්වෙන අනුස්මරණ වැඩසටහන් ගණනාවක් මාර්තු මාසය පුරා පැවැත්වෙන අතර, පරමධම්ම චේතිය විහාරාධිපති, පරිවේණාධිපති, අධ්‍යක්ෂ, ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන ලේකම්, ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමියන්ගේ උපදේශකත්වයෙන් මේ කටයුතු සංවිධානය කෙරේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division