Home » මහර සිසු නිපුණතා තිළිණ ප්‍රදානය

මහර සිසු නිපුණතා තිළිණ ප්‍රදානය

by Mahesh Lakehouse
March 1, 2025 12:30 am 0 comment

2024 වසරේ පවත්වන ලද ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගැයීම්හි 1 ස්ථානයේ සිට 5 ස්ථානය දක්වා ජයග්‍රහණ හිමි කරගත් (මහර 1) සිසු සිසුවියන් හට මහර ශාසනාරක්ෂක මණ්ඩලයේ (1 කලාපය) මූලිකත්වයෙන් සිදු කරන ලද තිළිණ හා සහතිකපත් ප්‍රදානය පෙබරවාරි 23 වැනිදා, ඉරිදා පස්වරුවේ කඩවත, රම්මුතුගල නෙළුම්වැස්ස සදහම් මැඳුරේදී පවත්වන ලදි.

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහලේකම් සමස්තලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි මුගුණුවෙල අනුරුද්ධ, ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි තෝරපිටියේ ආනන්ද, මහර ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති පරකන්දෙණියේ ආර්ය ශ්‍රී මනෝරථ, මහර ශාසනාරක්ෂක මණ්ඩලයේ 1 කලාපයේ ලේඛකාධිකාරි ඕනෑගම නන්දරතන, මහර 2 කලාපයේ ලේඛකාධිකාරි මාතලේ සුමනවංශ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මේ උත්සවයට මහර ප්‍රාදේශීය ලේකම් ලලිත් බණ්ඩාර මහතා සහ ප්‍රධානාචාර්ය හිමිවරුන් ඇතුළු ආරාධිතයෝ පිරිසක් සහභාගි වූහ. මේ උත්සවයේදී මුගුණුවෙල අනුරුද්ධ නාහිමි අතින් තමන්ට හිමි තිළිණය හා සහතිකපත් දහම් පාසල් සිසුවියක ලබාගත් අවස්ථාව සේයාරුවේ දැක්වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division