කොළඹ ආනන්ද සහ නාලන්දා විද්‍යාල අතර 95 වැනි වරටත් වාර්ෂිකව පැවැත්වෙන සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමය කොළඹ එස්එස්සී පිටියේදී පසුගිය 28 දා ආරම්භ වූ අතර, එය දින තුනක් පැවැත්වීමට සුදානම් කොට ඇත. තරගයේ අවසන් දිනය අද (2) ඉරිදා වන අතර දින 3ක් මහා තරගය පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටය.
මේ දක්වා පැවති සුලෝහිත සංග්‍රාම මහා ක්‍රිකට් තරග 94න් 12ක් ආනන්ද විද්‍යාලය ජය ගෙන ඇති අතර, නාලන්ද විද්‍යාලය තරග 7ක් ජයගෙන තිබේ.
මේ තරගය නැරඹීම සඳහා විදේශගතව සිටින එම විද්‍යාල දෙකේ ආදි ශිෂ්‍යයන් විශාල පිරිසක්ද පසුගිය දිනවල දිවයිනට පැමිණි අතර, මෙල්බර්න් සිට දෙවිදුහලේ ආදි සිසුන් රැගෙන පැමිණි ගුවන් යානයේ නියමුවන් ලෙස කටයුතු කළේ ආදි නාලන්දීයකු වන නාමල් ප්‍රනාන්දු සහ ආදි ආනන්දීයකු වන හර්ෂ විජේවර්ධන වීම විශේෂත්වයකි.