Home » දිස්ත්‍රික්ක 12ක කැලෑ ගිනි 49ක් 

දිස්ත්‍රික්ක 12ක කැලෑ ගිනි 49ක් 

ගිනි තබන්නන් ගැන 117ට කියන්න

by Mahesh Lakehouse
March 1, 2025 12:32 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

පවතින වියළි කාලගුණය හේතුවෙන් ඉකුත් 25 වැනිදා වන විට මෙරට දිස්ත්‍රික්ක 12ක කැලෑ ගිනි ගැනීම් 49ක් වාර්තා වූ බවත්, ඒ අතුරින් වැඩිම සිදුවීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පිළිවෙළින් මහනුවර, බදුල්ල, මාතලේ, ගම්පහ, කෑගල්ල, රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

ආපදා කළමනාකරණ හදිසි මෙහෙයුම් මැදිරියට වාර්තා වී ඇති එම කැලෑ ගිනි ගැනීම් බොහොමයක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වූ ඒවා බව නිරීක්ෂණය වුවත් ඒ සම්බන්ධයෙන් වගකිව යුතු පිරිස් හඳුනා ගැනීම අපහසු වී ඇති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

විශාල පාරිසරික හානියක් සිදු වන ගිනි ගැනීම් පාලනය කිරීම සහ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලිය සඳහා විශාල මුදලක් වැය වන බැවින් වනාන්තර ගිනි තැබීමෙන් වළකින ලෙසත්, වනාන්තරවලට ගිනි තබන පුද්ගලයන් පිළිබඳ විස්තර දන්නේ නම් හෝ ගිනි ගැනීම් තත්ත්වයක් වාර්තා වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකතන අංකයට දන්වන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

රක්ෂිත ප්‍රදේශයක් ගිනි තැබීමේ හෝ ගින්න පැතිරවීමේ වරදකරුවකු වන්නකු වසර හතකට නොවැඩි සිර දඬුවමකට හෝ රුපියල් ලක්ෂ දෙකකට නොවැඩි දඩයකට හෝ ඒ දඬුවම් දෙකකටම යටත් කිරීමටත්, වනයට සිදු කළ හානිය අය කර ගැනීමටත් නීතිමය ප්‍රතිපාදන සලසා ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division