මේ … මේක ඔයාගෙ වෙලාව නෙවෙයි. කරුණාකරල වාඩිවෙන්න. නැහැ නැහැ. මගේ පොයින්ට් එකක් තියෙනවා කතා කරන්න වෙලාව දෙන්න. ඕඩර් ප්ලීස්. වාඩි වෙන්න. අනේ ඔය ළදරුවා කෑගහනවා. වාඩිකරවන්නකෝ…
ඔන්න ඔය වගේ ශබ්දකෝෂයක් තියෙන තැනක මේ දවස්වල ඇඩ්රස් නැතුව රඟන සමහර කට්ටිය දැක්කම ඒ ගැන පොඩි සටහනක් දාන්න ඕනැ කියල හිතුණා. මොකද කාරණේ: එයාල දැන් සුදු ඇඳගෙන ඔපොසිෂන් එකේ ඉඳන් ටෝක්ස් දැම්මට, අපි නොදන්නවැයි ගහපු ගේම්ස්. ලංකාවේ ගේම්ස් ගැහුව විතරක් නෙවෙයි, පිටරට ගේම්ස් බලන්නත් ඒ කාලෙ ගියා. ඔය ඒෂියන් ගේම්ස්, ඔලිම්පික් වගේ ගේම්ස්වලට. මොකද කාරණේ: මේ මෑන්ස්ට එහෙම යන්න වුණේ අර ස්පෝට්ස් පැලස් එකේ… අර අර… ටොරිංටන් මහගෙදර ඒ කාලෙ අයිතිකරායා වෙලා හිටියෙ මෑන්ස් තමයි. අනේ ඉතිං හොඳේ… මෑන්ස් හැමදාම වගේ අර අතන ගිරිය පුප්පගෙන කෑගහන විදිහ දැක්කම මට මේ කතාව ලියන්නම ඕන කියල හිතුණ… මොකද කාරණේ කියන්නේ: ඒ කාලෙ එහෙමත් සෙල්ලම් දාලා මේ කාලෙ මෙහෙම කටින් රඟන්නෙ.
මීට අවුරුදු හත අටකට කලින් මේ මෑන්ස් අර ටොරිංටන් මහගෙදර මහ පුටුවෙ ඉන්න කාලෙ ටොරිංටන්වලම තියෙන ස්පෝට්ස්මන්ලට බෙහෙත් කරන සෙන්ටර් එකට අලුත්ම ජෙනරේටර් එකක් ගෙනාවලු. ඒක එහෙම ටික දවසක් තිබුණට පස්සෙ මෙන්න බොලේ මිසිංලු. හොයල බලපුවාම හැබෑවටම මොකද දන්නවද වෙලා තියෙන්නෙ?
දෙයියෝ සාක්කි! අර මෑන්ස් ඒක උස්සල කොළඹ හතේ මෑන්ස්ගෙ ක්වාටර්ස් එකේ හයිකරවගෙන. කොහොමද වැඩේ! ළමයින්ට ට්‍රීට්මන්ට් කරන තැනට ආණ්ඩුවෙන් දීපු ජෙනිය ටික දවසකින් ලොක්කගෙ ගෙදරට දුවලා. මාරයි නෙ? මෑන්ස්ගෙ සයින් එක ගහල ඇපෘෘ කරල වෙන තැනකට බඩු අරගෙන දීල පස්සෙ කාගෙත් ඇස් වහල මෑන්ස්ට යූස් කරන්න එතනින් උස්සගෙන යනවා.
ඔය අපි දැක්කෙ එළියෙ තිබුණ දේකට වෙච්ච දේ. ඇතුළෙ ගේම්ස් කොහොම තියෙන්න ඇද්ද? ඒ වුණාට මේ දවස්වල නම් කතාව කොහොමද? ලැජ්ජාවත්, බයත් දෙකම නැති වුණාම මොනව කරන්න බැරිද? මාරයි… ඔය එක්ස්පීරියන්ස් හොඳටම තියෙන කට්ටිය කරපු දේවලින් ටිකක්. ක්ලීන් මෑන් වගේ ලොරි ටෝක්ස් දෙන්නෙ.
මතකද පහුගිය දවසක මේ කොලමෙම ලිවුවෙ… අර ලොරියකින් කොළඹ ආපු ස්කූල් ගර්ල්ස්ල සෙට් එකක් නෙට්බෝල් කප් එකක් උස්සගෙන ගියපු හැටි. අන්න ඒ පැත්තෙ කොලේජ් දෙකක තියෙන නෙට්බෝල් වලියටත් කොනකින් මේ මෑන්සුත් ගෑවිලා කියලයි කට්ටිය නම් කියන්නෙ. මොකද කාරණේ: මෙයාල ඒ කාලෙ ඉහළ පුටුවලට පත් කරපු සමහර නෝනල නිසාලු ඒ පළාතෙ මේ ක්‍රීඩාව දැලේ පටලවාගෙන දඟලනවා කියන්නෙ.
අර ලොරියෙන් ඇවිල්ල කප් එක උස්සපු කතාව පත්තරේ ගියාට පස්සෙ දැලේ බෝලෙ පටලවාගත්ත සයිඩ් එකේ ඉන්න තුන් හතර දෙනෙක්ම මට කතා කළා. කතා කරල විරුද්ධ පැත්තෙ වැරදියි මම එදා ලියපු දේවල්වල වැරදියි මට කියෙවුවා. ඒ හැම දේටම හොඳින් සවන් දුන්නා. ඒ කාට කාටත් එදා කිවුව වගේම අදත් කියන්නෙ ඒකමයි. අපට ඔය දැල්පන්දුවෙ කට්ටිය එක්ක බේරගන්න කිසිම දෙයක් නැහැ. අපට තියෙන එකම ප්‍රශ්නෙ ඇයි මේක කුළල් කාගන්නෙ නැතිව කරගෙන යන්න බැරි කියන එක. කවුරු හරි රටට ජයග්‍රහණයක් ගෙනැත් දුන්නොත්, ඊට පස්සෙන්දම ඒ සෙට් එක එළවන්න වෙනත් නෝනල සෙට් එකක් ගේමට බහිනවා. දශක දෙක-තුනක් මේ සෙල්ලම් බලාගෙන ඉඳලා දැන් අප්පිරිය වෙලා තියෙන්නෙ.
මේ ලියුම්කරුට මෙහෙමත් හිතෙන වෙලාවල් තිෙයනවා අප්පා…
“මේක කාන්තාවන්ගෙ ක්‍රීඩාවක් වුණත්, අපේ රටේ නම් මේක ගොඩ ගන්න පරිපාලනය පිරිමි පාර්ශ්වයකටවත්භාරදීල බලමු නේද?” කියල.