මිනිසුන් භීතියට පත් කරන පක්ෂීහු ලොව දුලබය. එනමුදු ඔස්ට්‍රේලියාවේ සහ නිව්ගිනියාවේ නිවර්තන වැසි වනාන්තරවල ජීවත් වන ‘කැසෝවරි’ ලොව භයානකම පක්ෂියා ලෙස හැඳින්වෙයි. විචිත්‍රවත් නිල්පාට මුහුණකින්ද හිස්වැසුමක් වැනි හිස් ආවරණයකින් ද තියුණු නියපොතුවලින් ද නිමව ඇති මේ පක්ෂියා බැලූ බැල්මට මනස්කාන්තය. ඇය කිලෝග්‍රෑම් 310ක් දක්වා බරින් යුක්ත වන අතර, මිනිසකු තරම් උස විය හැකිය.
පැපුවා නිව්ගිනියා වනාන්තරයේ සිට ‘කැසෝවරි පක්ෂියා’ ගැන අධ්‍යයනය කරමින් වසර පහක් ගත කළ ඇන්ඩෲ මැක් සීඑන්එන් වෙත පවසා ඇත්තේ, ‘ඔවුන් ජීවමාන ඩයිනොසෝරයන් මෙනි’ යනුවෙනි. භූ විද්‍යාත්මක නටබුන් වන් මේ පක්ෂීන් ගැන තවදුරටත් විස්තර කරමින් ඔහු කියන්නේ, ‘කැසෝවරි පක්ෂීන් සාමාන්‍යයෙන් හඳුනාගැනීමට අපහසුය. ඔවුන් සහජයෙන්ම ප්‍රචණ්ඩකාරි නැති අතර, කලාතුරකින් මිනිසුන්ට පහර දෙයි. එහෙත් අමනාප වුවහොත් හෝ කෝපයට පත්වුවහොත් හෝ ඔවුන්ට විශාල හානියක් කළ හැකිය,’ යනුවෙනි.