හමුදා සේවය අත්හැර පලා ගිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා හමුදා පොලීසියේ 1,500ක් මේ වන විට විමර්ශනවල නිරතව සිටිති. කමාන්ඩෝ සහ විශේෂ බළකායේ සේවයේ නිරත වන අතරතුර එම ඒකකවලින් නීත්‍යනුකූල ලෙස ඉවත් නොවී සේවයට වාර්තා නොකර සිටින පුද්ගලයන් ගැන හමුදා පොලීසිය විශේෂ අවධානය යොමු කර තිබේ.
පසුගිය දිනවල සිදු කරන ලද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගන්නා ලද පැනගිය සෙබළුන් සංඛ්‍යාව 679කි. ත්‍රිවිධ හමුදාව සිදු කළ මෙහෙයුම්වලින් ත්‍රිවිධ හමුදා සාමාජිකයෝ 57ක් සහ පොලීසිය කළ මෙහෙයුම්වලදී ත්‍රිවිධ හමුදා සාමාජිකයෝ 107ක් මෙසේ අත්අඩංගුවට ගනු ලැබූහ. මෙහෙයුමේදී අත්අඩංගුවට ගනු ලැබූ යුද හමුදා සාමාජිකයන් ගණන 53කි. නාවික හමුදාවේ 63ක්ද ගුවන් හමුදාවේ 81ක්ද අත්අඩංගුවට ගත් අය අතර සිටිති. පලාගිය ඇතැම් සෙබළුන් පාතාල කල්ලි සමඟ කටයුතු කරන බවට ලද තොරතුරු මත මෙහෙයුම් සිදු කෙරේ.