Home » ගිනිඅවි-අත්බෝම්බ වැටලීමේදී තෑගි මුදල් වැඩි කෙරේ

ගිනිඅවි-අත්බෝම්බ වැටලීමේදී තෑගි මුදල් වැඩි කෙරේ

by Mahesh Lakehouse
March 8, 2025 12:35 am 0 comment
අමිල මලවිසූරිය

නීති විරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරීන් සහ පෞද්ගලික ඔත්තුකරුවන් දිරිගැන්වීමට පොලිස් ත්‍යාග අරමුදලින් පිරිනමන තෑගි මුදල් වැඩි කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

ඒ අනුව සැකකරුවකු සමඟ ගිනිඅවි සහ අත්බෝම්බ අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරියාට රු. 1,000,000ක මුදලක් සහ පෞද්ගලික ඔත්තුකරුට රුපියල් 750,000ක්ද සැකකරුවකු නොමැතිව අත්අඩංගුවට ගන්නා ගිනිඅවි සහ අත්බෝම්බ සඳහා පොලිස් නිලධාරියාට රු. 750,000ක් සහ පෞද්ගලික ඔත්තුකරුවන් සඳහා රු. 500,000ක්ද ලෙස ත්‍යාග මුදල් වැඩි කර ඇති බව සඳහන් වේ.

එලෙස පිස්තෝල, රිවෝල්වර, විදේශයන්හි නිපැයූ ස්වයංක්‍රීය නොවන අවි, රිපීටර් තුවක්කු, විදේශීය නිෂ්පාදිත පතරොම් තුවක්කු, මෙරට නිෂ්පාදිත වෙනත් ඕනෑම තුවක්කු, විදේශීය නිෂ්පාදිත අත්බෝම්බ අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරීන්ට සහ පෞද්ගලික ඔත්තුකරුවන්ට පිරිනමන තෑගි මුදල් වැඩි කිරීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division