අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 17 දා ආරම්භ වීමට නියමිත අතර, එම විභාගය වෙනුවෙන් පවත්වනු ලබන සියලු උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විදත් මාධ්‍ය ඔස්සේ සහාය වීම ආදිය මාර්තු 11 අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයන් 474,147 දෙනකු විභාගයට ඉල්ලුම් කර ඇති අතර එයින් පාසල් අයදුම්කරුවෝ 398,182ක්ද පෞද්ගලික අයදුම්කරුවෝ 75, 965ක්ද වෙති. දිවයින පුරා මධ්‍යස්ථාන 3,663කදී හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 534කදී පැවැත්වෙන විභාගය මාර්තු 17 සිට 26 වැනිදා දක්වා පැවැත්වෙයි.