Home » දුම්කොළ-මද්‍යසාර පනතට සංශෝධන ඉල්ලති

දුම්කොළ-මද්‍යසාර පනතට සංශෝධන ඉල්ලති

by Mahesh Lakehouse
March 8, 2025 12:31 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

කාන්තාවන්, තරුණයන් ඇතුළු සමාජයේ සියලු කොටස් ඉලක්ක කරගනිමින් සිදු කෙරෙන දුම්කොළ සහ මද්‍යසාර වෙළෙඳ දැන්වීම් හා ප්‍රවර්ධන කටයුතු තහනම් කිරීම සඳහා දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි (NATA) පනත ශක්තිමත් කිරීමට යෝජිත සංශෝධන වහාම ක්‍රියාත්මක කරන්නැයි මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) රජයෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලාංකේය සමාජය තුළ ගැඹුරු සංස්කෘතික වටිනාකමක් සහ වැදගත්කමක් ඇති භූමිකාවක් වන මවගේ සංකල්පයට පහර දෙමින් සංස්කෘතික වටිනාකම් විකෘති කරන ඇතැම් දුම්කොළ සහ මද්‍යසාර සමාගම්වල බලපෑම් පාලනය කිරීමට එය අත්‍යවශ්‍ය බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය අවධාරණය කරයි.

මද්‍යසාර භාවිත කරන්නන් නිසා මෙරට කාන්තාවන්ගෙන් 54%ක් විවිධ ගැටලුවලට මුහුණ දී ඇති බවත්, මද්‍යසාර භාවිතය නිසා කාන්තාවන්ගෙන් 69%ක් පොදු ස්ථානවලදී අපහසුතාවට පත්ව ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි. 2025 කාන්තා දිනය නිමිත්තෙන් කරන ලද සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division