කොළඹ, නාරාහේන්පිට පට්ඨාන ධර්ම සභාවේ ලේඛකාධිකාරි මෙන්ම සභාපති ධුරයද හෙබවූ උපුල් ගමගේ අවුරුදු 87ක් ආයු වලඳා අභාවප්‍රාප්ත විය. රාජ්‍ය සේවයේ මූල්‍ය උපදේශකයකු සහ කීර්තිමත් නිලධාරියකු ලෙස කටයුතු කළ ඒ මහතා තම විශ්‍රාමික ජීවිතය ධර්මය ඉගැන්වීමේ කටයුතුවල නිරත විය. දිවයින පුරා ඔහුගෙන් ඉගෙන ගත් සිසු සිසුවියෝ සිය ගණනක් අභිධර්මය ඉගැන්වීමේ කටයුතුවල නිරත වෙති. වරලත් භෞත චිකිත්සකවරියක වූ නිමල්දේවි ගමගේ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන ඔහු එක්දරු පියෙකි.
දේහය ඉරිදා (9) පෙ.ව. 8.00 සිට රාත්‍රි 10.00 දක්වාද, සඳුදා (10) පෙ.ව. 8.00 සිට සවස 5.00 දක්වාද බොරැල්ල ජයරත්න අවමංගල්‍ය ශාලාවේ Respect Home V.I.P ශාලාවේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු එදින (10) සවස 5.00ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.