පහසුකම් අඩු පාසල් විද්‍යාගාර සඳහා ආධාර කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය කටයුතු සංවිධානය කර තිබේ. ඒ අනුව ප්‍රායෝගික විද්‍යා පරීක්ෂණ සිදු කිරීමේ අභියෝගයට මුහුණ දී ඇති පාසල්වලට ප්‍රායෝගික විද්‍යා පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය සහ උපකරණ ආධාර ලෙස පිරිනැමීමට අපේක්ෂා කෙරේ.
මේ සඳහා ඉල්ලුම් කිරීමට කැමැති පාසල් විදුහල්පති විසින් සහතික කරන ලද ලිපියක් මාර්තු 30 දිනට පෙර ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ labdonationslaas@gmail.com ඊමේල් ලිපිනයට එවිය යුතුය. මේ ආධාර වැඩසටහන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මෙවර වාර්ෂික තේමාව වන ‘විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කිරීම තුළින් ඌන වරප්‍රසාදිතයන් සවිබල ගැන්වීම’ යන තේමාව ඔස්සේ ක්‍රියාත්මකය.