කොළඹ 7, අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන දස පාරමිතා මහා පෙරහර මෙවරද මැදින් පුන් පොහෝ දින (13) රාත්‍රී 7.00ට වීදි සංචාරය කෙරේ. බුදු රදුන් විසින් පූරිත දසපාරමිතා අරමුණු කරගනිමින් පවත්වනු ලබන මේ පෙරහරේදී සීවලී මහ රහතන් වහන්සේගේ සහ සැරියුත් මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ වැඩම කරනු ලබන අතර, බොරැල්ලේ අතුල අනුනාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් 1991දී එය ආරම්භ කරනු ලැබීය.
උඩරට, පහතරට, සබරගමු නර්තන කණ්ඩායම් රාශියකින් සහ අලි ඇතුන්ද දහම් පාසල් දරුවන් හා විවිධ බෞද්ධ සමිති සංවිධානවල සහභාගිත්වයෙන් පැවැත්වෙන පෙරහර බෞද්ධාලෝක මාවත, බොරැල්ල කනත්ත වටරවුම, ඩී.එස්. සේනානායක මංසන්ධිය, බොරැල්ල මංසන්ධිය, මරදාන පාර, බොරැල්ල හරස් පාර, රිජ්වේ ආර්යා ළමා රෝහල ඉදිරිපිටින් බේස්ලයින් පාර, බොරැල්ල මංසන්ධිය, ඩී. එස්. සේනානායක මංසන්ධිය, බොරැල්ල කනත්ත වටරවුම, බෞද්ධාලෝක මාවත ඔස්සේ නැවත විහාරස්ථානයට ගෙවැදීමට නියමිතය.