Home » රේගුව රු.බි.1.2ක අනවසර විදෙස් දුම්වැටි තොගයක් විනාශ කිරීම අරඹයි

රේගුව රු.බි.1.2ක අනවසර විදෙස් දුම්වැටි තොගයක් විනාශ කිරීම අරඹයි

by Mahesh Lakehouse
March 9, 2025 12:30 am 0 comment

පසුගිය කාලයේදී නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කිරීමේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් රු.බි. 1.2කට අධික වටිනාකමින් යුත් විදෙස් දුම්වැටි මිලියන 8.7ක් පසුගිය 4 දා රේගු නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ විනාශ කිරීම ආරම්භ කරනු ලැබීය. ඩුබායි, පකිස්තානය හා චීනය යන රටවල්වලින් ආනයනය කරන ලද, 2024 2022‬ හා 2018 වසරවල රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ විදෙස් දුම්වැටි තොගයක් විමර්ශනවලින් අනතුරුව රාජසන්තක කිරීමෙන් පසු මෙලෙස විනාශ කිරීම ඇරඹූ බවත්, මේ දුම්වැටි රේගුවෙන් පිට වූවා නම් රජයට අහිමි වීමට තිබූ තීරුබදු මුදල රු.බි. 1.8කට අධික බවත්, පසුගිය වසරේදී ලංකාවේ නිෂ්පාදිත දුම්වැටි සඳහා නිෂ්පාදිත බදු වශයෙන් රු.බි. 141ක් රජයට එකතු කර දී තිබෙන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පැවසීය. රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සංජීව නෝනිස්, රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු රේගු නිලධාරීහු හා ලංකා දුම්කොළ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප – සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division