HNB FINANCE (PLC) මුලතිව් ශාඛාව නව නිවහනකට ගෙන යනු ලැබීය. HNB FINANCE සමාගම සිය පාරිභෝගිකයින් වෙත වඩාත් වැඩි පහසුකම් සහිතව මූල්‍ය සේවා සැලසීම අරමුණු කරගනිමින් මෙලෙස ශාඛාවන් වඩාත් නවීකරණය කර නව ස්ථාන වෙත රැගෙන යෑම සිදු කරනු ලබයි.
කෙළින් වීදිය, මුලතිව් යන නව ලිපිනයේ පිහිටා ඇති HNB FINANCE මුලතිව් ශාඛාවේ සමාරම්භක අවස්ථාව සඳහා, එහි කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් ඇතුළු සමාගමේ ඉහළ කළමනාකාරිත්වය සහභාගී විය. HNB FINANCE PLC මඟින් සලසන සියලු මූල්‍ය සේවා මුලතිව් ශාඛාවෙන්ද සලසාගත හැකි අතර ලීසිං, ඉතුරුම්, ස්ථාවර තැන්පතු, ව්‍යාපාර ණය, නිවාස ණය, සහ ක්ෂේත්‍රයේ වඩාත් ජනප්‍රිය රන් ණය සේවාවද මේ සේවාවන් අතර වේ.