වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය (NIPO), විසින් දේශීය භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා ශ්‍රී ලංකාවට නිල වශයෙන් අවස්ථාව සලසා දී ඇත. මේ පියවර මඟින් ඉදිරියේදී ශ්‍රී ලංකාවට අනන්‍ය විශේෂිත කෘෂි නිෂ්පාදන ආරක්ෂා කිරීම සහ ගෝලීය තේ වැනි සුප්‍රසිද්ධ දේශීය කෘෂි නිෂ්පාදන ප්‍රතිලාභ ලබනු ඇත. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ ව්‍යාපෘතියේ වැදගත්කම අවධාරණය කරමින් පැවසූයේ “ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් අත් කරගෙන සිටින වාසිසහගත තත්ත්වය ආරක්ෂා කරමින්, වෙළෙඳපොළ ප්‍රවේශය වැඩිදියුණු කිරීමට සහ දේශීය ප්‍රජාවන්ගේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා දේශීය භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා අවස්ථාව හිමි වීම වැදගත් පළමු පියවරක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්,” යනුවෙනි.
GI ප්‍රමිතියෙන් දේශීය කෘෂි නිෂ්පාදනවල ආරක්ෂාව තර වේ
46
previous post