මේෂ – මවගේ උදව් උපකාර
සඳු ගමන් ගන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. මවගේ උදව් උපකාර හිමිවන ගේදොර ඉඩකඩම් පිළිබඳ ගැටළු විසෙඳන සතියකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුද හොඳින් පවත්වාගෙන යා හැකි නැණනුවණ දක්ෂතා මතු කරයි. සාමාජීය පොදු වැඩ පුණ්‍ය කටයුතු ආදියට යොමුවේ. ආමාශගත රෝග ඇති විය හැකිය. අවසාන දවසේ ප්‍රවේශමෙන් වැඩ කටයුතු කරන්න.
අපල අවම වීමට මෛත්‍රී භාවනාව වඩන්න.
සුබ අංක – 4, 5 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා.
වෘෂභ – සහජ දක්ෂතා මතු වේ
සඳු ගමන් ගන්නේ 3, 4, 5 යන භාවයන් මතිනි. මා පිය සොහොයුරු දූ දරු බැඳීම් වර්ධනය කරමින් පුණ්‍ය කටයුතු ආදියේ නියැළෙයි. වෙනත් වැඩ කටයුතුවල නියැළෙයි.
සහජ දක්ෂතා මතු කරගෙන යන ස්වයංරැකියා දියුණුවේ. ගෙදර දොර අතපසු වු වැඩ යළි පටන් ගනී. දරුවන්ගේ සියලු යහපත් අරමුණු සපල වන ලකුණු. අපල අවම වීමට බෝධි මළුව අමදින්න.
සුබ අංකය – 6 / සුබ වර්ණ – ලා කොළ, ක්‍රීම් / සුබ දවස් – බදාදා, සිකුරාදා.
මිථුන – ධන ලාබ
සඳු ගමන් ගන්නේ 2, 3, 4 යන භාවයන් මතිනි. ඔබට සුළු වශයෙන් හෝ මිල මුදලක් ලැබෙන්නට ඇති ඉඩකඩ පෙන්වයි. වචනයට අන්‍යයන් ගේ ආකර්ෂණය ගෙනදෙයි. නව හිත මිතුරුකම් ගොඩ නැඟේ. පදිංචි ස්ථානයේ වැඩි අලංකාරයක් ගෙන දෙන අයුරු වෙනස් කීරීම් මල් වැවීම් ආදියට ද යොමුවේ. අපල අවම වීමට කුඩා දරුවන්ට රැකවරණය සලසන්න.
සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ, කහ / සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
කටක – පිනට දහමට සිත
සඳු ගමන් කරන්නේ ලග්නය 2, 3 යන භාවයන් හරහාය. ඔබගේ ක්‍රියා කලාපයන් සාමාජීය යහපත පිණිසම වෙයි. අනුකම්පාව දයාව කරුණාව ගොඩ නැෙඟයි. පිනට දහමට සිත යයි. අතමිට මිල මුදල් ගැවසිය හැකි බැවින් වෙළඳ ව්‍යාපාර කෙරෙහි උනන්දු වන්න. රැකියාව පිළිබඳවද වගකීම් දරන්න. ලාභ ප්‍රයෝජන අත්වෙයි.
අපල අවම වීමට පත්තිනි මෑණියන්ට පින් දෙන්න.
සුබ අංක – 2, 7, 9 / සුබ වර්ණ – සුදු, ක්‍රීම් / සුබ දවස් – සඳුදා, බ්‍රහස්පතින්දා.
සිංහ – රැකියා ව්‍යාපාර ලාභ
සඳු ගමන් ගන්නේ 12, ලග්නය, 2 යන භාවයන් මතිනි. ආරම්භයේ දුර ගමනක් යෙදිය හැකි අතර කල්පනාකාරීව මුදල් ගනුදෙනු සිදු කරන්න. ඉන් පසු දින කීපය අයහපත් නොවේ. යහපත් කල්ක්‍රියාව ඔබට සහනය ගෙන දෙයි. හැකි අයුරින් අන්‍යයනට උදව් උපකාර කරයි. රැකියා ව්‍යාපාර ලාභ ගෙන දෙයි. පදිංචි ස්ථානයේ දියුණුවට ආයෝජනයක් සිදු කරයි. අපල අවම වීමට ඉවසීම පුහුණු කරන්න.
සුබ අංක – 1, 4 / සුබ වර්ණ – රතු / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා.
කන්‍යා – ලැබීම් සහිතයි
සඳු ගමන් ගන්නේ 11, 12 ලග්නය හරහාය. ඔබට ඥාති හිතමිතුරු කුමන අන්දමකින් හෝ ලාභ ප්‍රයෝජන ලැබෙන සතියකි. එහෙත් වියදම් පිළිබඳව ප්‍රවේශමෙන්. කා අතරත් සුහදතාවය ගොඩනැෙඟන සේ සමාජයේ හැසිරෙයි. ගෘහ ජීවිතය ගැටළු නොමැතිව පවත්වාගෙන යයි. පිටස්තර අය ගෙන් රැවටිලිවලට ලක්විය හැකි බැවින් ප්‍රවේශම් වන්න. අපල අවම වීමට දෙමාපියන්ට සලකන්න.
සුබ අංක – 5, 7 / සුබ වර්ණ – කොළ / සුබ දවස – සිකුරාදා.
තුලා – දුර බැහැර ගමන් බිමන්
සඳු ගමන් ගන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි. රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන හිමිකර දෙයි. ගෘහ ජීවිතය ගැටළු නොමැතිව පවත්වාගත හැකි අතර දරුවන්ගේ අධ්‍යාපන ප්‍රගතිය, රැකියා, විවාහ ආදියේ සුබපල පෙන්වයි. විදෙස් ගමන් සාර්ථක වේ. වෙනත් දුර ගමන් බිමන් ඇති කරයි.
අපල අවම වීමට දස දිසා පිරිත කියන්න.
සුබ අංක – 3, 6 / සුබ වර්ණ – ලා නිල, සුදු ක්‍රීම් / සුබ දවස් – සිකුරාදා, බාදාදා.
වෘශ්චික – පුණ්‍ය සිතුවිලි ගෙනදෙයි
සඳු ගමන් ගන්නේ 9, 10, 11 යන භාවයන් හරහාය. ඔබගේ විදෙස් ගමන් සාර්ථක විය හැකි රැකියා ව්‍යාපාර තුළින් ලාභ ප්‍රයෝජන අත්පත් කරගත හැකි සතියක් බව පෙනේ. දරුවන්ගේ දක්ෂතා මතු කරයි. පුණ්‍ය කටයුතුවලට නිරතුරුව දායකත්වය ඇත. කීර්තිය ගෞරවය ලබයි. යුග දිවිය සාමකාමීය. අපල අවම වීමට අභිසම්භිධාන පිරිත කියන්න.
සුබ අංක – 2, 4 / සුබ වර්ණ – රතු / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා.
ධනු – ගෘහ ජීවිතය සාර්ථකයි
සඳු ගමන් කරන්නේ 8, 9, 10 යන භාවයන් මතිනි. ආරම්භය සුබ නොවනු ඇත. එහෙත් ඉන්පසු දින කීපය අයහපත් නොවේ. රැකියා ව්‍යාපාර කටයුතු උනන්දුවෙන් කරගෙන යයි. ගෘහ ජීවිතයේ දියුණුව පිණිස ඉටු කළ යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කරයි. රැකියාව සඳහා ඇවිදිලි යෙදේ. පුණ්‍ය කටයුතුවලට දායකත්වය ලබා දෙයි. අපල අවම වීමට බෝ මළුව අමදින්න.
සුබ අංක – 6, 8 / සුබ වර්ණ – කහ / සුබ දවස් – ඉරිදා, බදාදා.
මකර – ව්‍යාපාර ලාභ
සඳු ගමන් ගන්නේ 7, 8, 9 යන භාවයන් මතිනි. ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ගෙනදිය හැකි බැවින් ඒ පිළිබඳ උනන්දු වන්න. විදෙස් ගමන් ඉල්ලුම් කර තිබුණේ නම් සාර්ථක වන ලකුණු, යුග දිවිය, ගෘහ ජීවිතය ගැටළු අවම වේ. දියුණුවට කටයුතු කරයි. උසස් ඉගෙනීමට මග සලසයි. පින් දහම්හි නියැළේ. අපල අවම වීමට මෛත්‍රී භාවනාව වඩන්න.
සුබ අංක – 6, 8 / සුබ වර්ණ – නිල් / සුබ දවස් – සිකුරාදා, බාදාදා.
කුම්භ – අවිවේකී සතියකි
සඳු ගමන් ගන්නේ 6, 7, 8 යන භාවයන් මතිනි. අධික වැඩ රාජකාරි බහුල අවිවේකී සතියකි. එහෙත් ඒ සියල්ලට මුහුණ දීමේ ශක්තිය ඇති කරයි. අසනීප ගති මතු විය හැකි බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ. ගෙදර දොර මගහැරී තිබු වැඩ කොටස් යලි ආරම්භ කරයි. වරෙක සිතුවිලි වෙනස් කරයි. අපල අවම වීමට රතන සුත්‍රය කියන්න.
සුබ අංක – 8, 9 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා.
මීන – දරුවන්ගේ දියුණුව
සඳු ගමන් ගන්නේ 5, 6, 7 යන භාවයන් මතිනි. දරුවන්ගේ සියලු යහපත් අරමුණු සපල වන සුබ සතියකි. ප්‍රමාද වු විවාහ රැකියා ආදිය ලැබීමේ භාග්‍ය මතු කරයි. ව්‍යාපාර සාර්ථක වේ. අධ්‍යාපනික ප්‍රගතිය ගෙන දෙයි. අසනීප සුළු අනතුරු ආදිය ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න. අපල අවම වීමට බෝධි පූජාවලට සහභාගි වන්න.
සුබ අංක :- 3, 9 / සුබ වර්ණ – කහ / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා.