කේන්ද්‍රයේ හිමිකාරිනිය ශනි හිමි මකර ලග්නයෙන් ගුරු හිමි මීන නවාංශකයෙන් ගුරුටම හිමි පුනාවස නැකතේ ප්‍රථම පාදයෙන් උපත ලද පුණ්‍යවන්ත දියණියකි. මෙය ඉතාම දුර්ලභ ගණයේ කේන්ද්‍රයක් වන අතර ජ්‍යෙතිෂ්‍ය පිළිබඳ හසල දැනුමැති විද්වතෙකුට පවා තේරුම් නොගත හැකි කරුණු මේ තුළ ඇත. පර්යේෂණයකට බඳුන් කළ හැකිය. ‘රාහු සහ කේතුට මැදිව සියලු ග්‍රහයන් සිටීම කාල සර්ප යෝගය’ යනුවෙන් හඳුන්වන අතර එය අසුබ යෝගයක් වශයෙන් ජ්‍යෙතිෂයේ බොහෝ මත පළකර ඇත. එවැනි දුර්මතවලින් බියට පත්ව සිටින ජනතාවට මෙන්ම මෙම ශාස්ත්‍රය තවමත් හදාරන අපට ද මෙයින් දෙන ආදර්ශය උතුම්ය. ඒ නිසාම මම මෙය ගැඹුරට හදාරන්නට සිතුවෙමි.
කාලසර්ප යෝගයේ අසුබ බව යටපත් කරගත් බොහෝ සුබ යෝග ගණනාවක් මේ කේන්ද්‍රය තුළ පිහිටා ඇති බව මතුපිටින් බලන අයෙකුට නොවැටහේ. මෙම කේන්ද්‍රයේ 7 වැන්නේ ග්‍රහයන් 4 දෙනෙක් සිටිති. 9, 10 අධිපතීන්ගේ එකතුවක් එහි දක්නට ලැබෙන අතර එය ධර්මකර්මාධිපති යෝගයයි. සමාජයේ කැපී පෙනෙන ලෙස ජීවත්වීමට හැකි පෞරුෂයක් ගොඩනැඟීම එයින් කියැවේ.
එමෙන්ම හත්වැන්නේ ග්‍රහ යෙදුම තුළ කේන්ද්‍ර ත්රිකෝණාධිපති යෝගය මෙන්ම ලක්ෂ්මී යෝගය ද පවතී. ඒ අනුව කීර්තිමත් ගෞරවනීය බව යස ඉසුරු ධනය වාසනාව ගෙන දේ. තවද ධුරාධුර යෝගය සඳුගෙන් ද උභගචාරී යෝගය රවිගෙන් ද යෙදී ඇත. සිව්වන භාවයේ සිට ග්‍රහයන් යෙදී ඇති නිසා නිර්මාණය වූ ශුභ මාලිකා යෝගය දෙස් විදෙස් ධනය ගෙන දෙන සැප සම්පත් උදාකර දෙන බවක් පෙන්වයි.
ඉහත කී සියලු ග්‍රහබල යෝග තුළින් අධ්‍යාපනයේ ඉතා උසස් තනතුරක් හිමිකර ගැනීමට ද මාර්ගය සැකසී ඇත. භාෂා ඥානය ද ප්‍රගුණ කර ඇති අතර නිතර විදෙස් සංචාර යෙදෙන්නේ ද රැකියාවට අනුකූලවය. කේතු සිව්වැන්නේ බැවින් අලංකාර නිවෙසක් හිමිව ඇත. තවත් අමතක වූ දෑ බොහෝය. මෙම කේන්ද්‍රයේ ගුරු පූර්ව පුණ්‍යස්ථානයේ සිටී. ඒ වික්‍රමස්ථාන අධිපතියාය. ගුරු විසින් ලග්නයට ත්‍රිකෝණ දෘෂ්ඨිය දක්වයි. රාහු කර්මස්ථානය වූ රැකියා ස්ථානයේ තැන්පත්ව ඇත්තේ මිත්රශීලීවය.
රාහු අයස්ථානයේ අධිපතියාය. එලෙස බලන කළ මේ සුළු විග්රහයකි. නවාංශකය ද ලග්නයෙන් තුන්වැන්නට ගැනෙන වික්රමස්ථාය වූ මීනයයි. ශනි කටකයේ සතුරුව වුවත් දිග්බල බව නිසා හත්වැන්නේ කටයුතුවලට බාධාවක් ද නොමැත. මෙයින් අප අදහස් කළ යුතු එකම කරුණ වන්නේ කාලසර්ප යෝගයක් යැයි දුටු පමණින් ඉවත හළ යුතු නැති බවත් එහි සැඟව ඇති ග්‍රහබල හඳුනාගත යුතු බවත්ය.
මේ කේන්ද්‍ර සටහන මහාචාර්යවරියකගේය. ඈ ලස්සන පවුල් ජීවිතයක් ගත කරයි. දරුවනුත් උසස් අධ්‍යාපනයට අවතීර්ණව ඇත. දැනට මේ මහත්මිය ගත කරන්නේ බුධ මහ දශාවේ ගුරු අන්තර් දශාවයි. ඉතා ප්‍රියමනාප මෙන්ම නිරහංකාර චරිතයකි.
තවද මෙම කේන්ද්‍ර සටහන තුළ උච්ච ස්වක්ෂේත්ර ග්‍රහයින් නොමැත. ඇත්තේ මිත්‍ර ග්‍රහයන් 5 දෙනෙක් හා සතුරු ග්‍රහයන් සිව්දෙනෙකි.
එහෙත් මීන නවාංශකය උරුම වී ඇති අතර රාහු, ශනි සහ ග්‍රහයන් දෙදෙනාම උච්ච බලයෙන් සිටී. ලග්න කේන්ද්‍රයේ ගුරු, සිකුරු, බුධ, සඳු, කුජ, කේතු යන සුබ අසුබ ග්‍රහයින් සියලු දෙනාම සුබයින්ගේම නැකැත්වල තැන්පත්ව ඇත. ඒ නිසා මෙය ප්‍රබල කේන්ද්‍ර සටහනක් ලෙස හඳුන්වන්නට පුළුවන.
මකර ලග්නයට තිබූ අවුරුදු 7 1/2ක ඒරාෂ්ඨකය නිමාවීමත් සමඟ 2025 පෙබරවාරි හෝ මාර්තු විදෙස් රටක පදිංචියට යාමට පවුලේ සියලු දෙනා සූදානමින් සිටී.
ප්‍රවීණ ජ්යෙතිර්වේදිනී ශ්‍රියා ගණේගොඩ