Home » “ගුරු ගීතය” නාට්‍යය මාර්තු 16 දා බොරැල්ල පුංචි තියටර් හී දී

“ගුරු ගීතය” නාට්‍යය මාර්තු 16 දා බොරැල්ල පුංචි තියටර් හී දී

by Mahesh Lakehouse
March 9, 2025 12:30 am 0 comment

ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක චිංගිස් ආයිත්මාතව්ගේ “ගුරු ගීතය” කෘතිය ආශ්‍රයෙන් මහාචාර්ය මංගල සේනානායක විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද ගුරු ගීතය වේදිකා නාට්‍යය මාර්තු මස 16 වන ඉරිදා සවස තුනයි තිහට සහ හයයි හතළිස්පහට බොරැල්ල පුංචි තියට හී දී වේදිකා ගත වේ.

ජයනි සේනානායක, අනුරාධ මල්ලවආරච්චි, මාලි ජයවීරගේ, සුදර්ශන ක්‍රිෂාන්ත ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති. සංගීත නිර්මාණය ප්‍රබුද්ධ බුද්ධිප්‍රිය වන අතර රංග වස්ත්‍ර නිර්මාණයෙන් කමල් අද්දරආරච්චි දායක වේ. ජූඩ් ශ්‍රීමාල්ගේ තවත් නිශ්පාදනයක් වන ‘ගුරු ගීතය’ නාට්‍යයේ ප්‍රවේශපත් දැන් රඟහලෙන් වෙන්කරවා ගත හැකි ය.

අසන්නයි ගයන්නයි දෙකටම තරු දවස

70,80 දශකයේ චිත්‍රපට ගීත රසවින්දනයට කැමැති ඔබට ‘තරු දවස’ ගී ප්‍රසංගය මේ මස 16 වෙනිදා උදෑසන 9.00 සිට සවස 7.00 දක්වා තලවතුකොට ‘Grand 7’ හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙයි . ප්‍රියනාත් රත්නායක විසින් ඉදිරිපත් කරන මෙම ප්‍රසංගයේ දී ගීත ගයන්නට ඔබටත් අවස්ථාවක් උදා කරගත හැකි ය.

රට පුරාම අයිස් ක්‍රීම්

චරිතාංග රංගන ශිල්පී ප්‍රදීප් ධර්දාස අධ්‍යක්ෂණය කරන අයිස් ක්‍රීම් මේ දිනවල දිවයින පුරා සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය කෙරේ. පුංචි තිරයේ සහ රිදී තිරයේ සම්මානනීය නළු නිළියන් රැසක් රඟන මෙහි වීණා ජයකොඩි, සරත් කොතලාවල, දමිතා අබේරත්න, රොෂාන් රණවන, රුක්මල් නිරෝෂ්, අයිෂ්චර්යා අතුකෝරල,මධුෂාන් නානායක්කාර සමඟ අප අතරින් වියෝ වූ අති දක්ෂ සම්මානනීය කලාකරු ජයලත් මනෝරත්නයන් ද රංගන දායකත්වය සපයයි. කෝකිලා විතානගේ සහ දුමින්ද පියරත්නගේ සම නිශ්පාදනයක් වන ‘ අයිස්ක්‍රීම්’ වෙනස් ආරක විනෝදාත්මක සිනමාපටයකි.

බෞද්ධ හා සෙන් දර්ශනවල බලපෑම චිත්‍ර ප්‍රදර්ශනය

එච්.ඒ. කරුණාරත්න විසින් ප්‍රථම වතාවට පවත්වන ‘වෝටර් ඔෆ් ලයිෆ්’ ඒක පුද්ගල ප්‍රදර්ශනය PRSFG හී දී මාර්තු 31 වැනි දා දක්වා පැවැත් වේ.

ශ්‍රී ලංකාවේ වියුක්ත කලාවේ පියා ලෙස සැලකෙන කරුණාරත්නයන් රිද්මය, ශක්තිය සහ අසමගිය පිළිබඳ හැඟීමක් ඇති කිරීම සඳහා විවිධ ද්‍රව්‍ය – රෙදිවලින් ලෝහය දක්වා – අන්තර් ක්‍රියාකාරිත්වය ගවේෂණය කිරීමේ දක්ෂතාවයක් විදහා දක්වන්නෙකි. කරුණාරත්නගේ සුවිශේෂී කලාත්මක ප්‍රවේශය ඇමරිකානු වියුක්ත ප්‍රකාශනවාදයට සමාන වන අතර එය බෞද්ධ සහ සෙන් දර්ශනවල ගැඹුරින් බලපා ඇත.

දශක හයකට වැඩි කාලයක් පුරා දිවෙන වෘත්තීය ජීවිතයක් සමඟින්, කරුණාරත්න ප්‍රසිද්ධ කීර්තිමත් කලාකරුවෙකු සහ අධ්‍යාපනඥයෙකි. කලාවට ඔහුගේ දායකත්වය ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇත. ඔහු ශ්‍රී ලංකා රජය විසින් ‘කලා සූරි’ සහ ජපන් රජය විසින් ‘The Order of the Rising Sun, Gold and Silver Rays’ සම්මානයෙන් පිදුම් ලබා ඇත.

” පෙම් කැකුල පිපී’ අද

‘පෙම් කැකුල පිපී ‘ සජීවි සංගීත ප්‍රසංගය මාර්තු 09 වන දින උදෑසන 9.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. සිංහල සිනමාව සප්ත ස්වරයෙන් පෝෂණය කළ එස් . දක්ෂිණමූර්ති ටී.ආර් පාපා එස්.එස්.වේදා ඇතුළු දක්ෂිණ භාරතීය සංගීතවේදීන්ගේ සදානුස්මරණීය චිත්‍රපට සහ ග්‍රැමෆෝන් ගීත ඇතුළත් ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division