අත්තම්මා
අම්මගෙ මෙන්ම කිරි සුවඳක් මට දැනුණා
අම්මට වඩා මගෙ ගැන හොයලා බැලුවා
සසරේ බැඳි පෙමින් මට උණුසුම දුන්නා
අත්තම්මා ඇයයි අද තරුවක ඉන්නා
බැලුවා දින ගණන් ඇය යළි එයි කියලා
තවමත් නැති නිසා බුදු හිමි විමසූවා
කිරි අම්මා ගියේ සැම දෙන යා යුතු ගමනා
සතුටින් ඇති නේද මගෙ ආදර අත්තම්මා
සැමටත් වඩා මට ආදරෙ ඔබ නේද
දෙවියෝ ළඟ තුටින් ඔබ අද ඉන්නවද
මට මෙන් ඔබ හටත් මා සිහි වෙනවද
සසරේ මතු දිනක යළි අපි හමුවෙමුද
කේ.ඒ. රවිරෂී ප්‍රතිභා කළුආරච්චි
10 ශ්‍රේණිය ඒ
දොන් ප්‍රේද්‍රික් මහා විද්‍යාලය
හොරණ
පරිසරය
මිනිසා ඇතුළු සියලු සතුන් සහ ගස් වැල්, ගංගා, දිය ඇලි සහිත වටපිටාව පරිසරය ලෙස හඳුන්වනු ලැබේ. අප මිනිසුන් වශයෙන් පරිසරය ආරක්ෂා කර ගත යුතුය. පරිසරය දූෂණයට ලක් වුව හොත් විවිධාකාරයේ අහිතකර බලපෑම්වලට මුහුණ දීමට සිදු වේ.
පරිසර දූෂණය සඳහා මූලිකව බලපාන කරුණු කිහිපයකි. ප්‍රධාන වශයෙන්ම ගස් කැපීම, නොයෙකුත් හානිකර දුම් වර්ග කර්මාන්තවලින් හා රථවාහනවලින් පරිසරයට මුදාහැරීම, අක්‍රමවත් ලෙස කැලිකසළ බැහැර කිරීම, කර්මාන්තශාලාවලින් ඉවත ලන අපද්‍රව්‍යය ජලයට මුදාහැරීම ආදි මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරය දූෂණයට ලක් වේ.
අපට පරිසරය සුරැකීම සඳහා විවිධාකාරයෙන් පියවර ගත හැකිය. එහ්දී ගස්වැල් වැඩි වශයෙන් රෝපණය කිරීම, විෂ වායු වර්ග අවම වශයෙන් රථවාහන හා කර්මාන්තවලින් මුදාහැරීමට කටයුතු කිරීම, කැළිකසළ උපරිම වශයෙන් ප්‍රතිචක්‍රීකරණයට ලක් කිරීම, කෘෂිකර්මාන්තය සඳහා අවම වශයෙන් කෘමිනාශක භාවිත කිරීම ආදිය සිදු කළ හැකිය. පරිසරය සුරැකීම වෙනුවෙන් ජූනි 5 දින ‘ජගත් පරිසර දිනය’ ලෙස නම් කර ඇත. මෙදින සෑම වර්ෂයකම තේමාවක් මුල් කරගෙන විවිධ පරිසර දින වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.
කේ.ජී. තිනුගි තෙහස්නා
6 ශ්‍රේණිය ඒ, ඒෂියන් ග්‍රැමර් පාසල
ගොතටුව
ශ්‍රීපාදස්ථානය
ශ්‍රී පාදය සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2,243ක් පමණ උසය. ශ්‍රී පාදස්ථානය බෞද්ධයන්ගේ පූජනීය වන්දනා ස්ථානයයි. ශ්‍රී පාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්තිවලින් වට වී ඇත. ශ්‍රී පාද කන්ද වෙතට මාර්ග 6කින් පමණ ළඟා විය හැකිය.
බෞද්ධයන් විශ්වාස කරන පරිදි බුදු රජාණන් වහන්සේ තුන්වැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ සමනොළ කඳු මුදුනේ උන් වහන්සේගේ වම් සිරි පතුල සලකුණු කොට ඇත. මේ නිසා ශ්‍රී පාදස්ථානය සමනොළ කන්ද ලෙසද හඳුන්වයි. රත්නගිරි, ස්වර්ගාරෝහණම් යන නම්වලින්ද ශ්‍රී පාදස්ථානය හඳුන්වනු ලැබේ.
ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන්නේ සෑම වසරකම උඳුවප් පොහෝ දිනයේදීය. එය වෙසක් පොහෝ දිනයෙනි. පළමු වරට ශ්‍රී පාදය වන්දනා කරන වන්දනාකරු ‘කෝඩුකාරයා’ ලෙස හඳුන්වනු ලැබේ. කන්ද නඟංන අතරතුර සැදැහැවත්හු ‘තුන්සරණෙ’ නමැති කවි ගායනා කරති. කඳු මුදුනට නැඟුණු පසු තමන් ශ්‍රී පාදස්ථානය වන්දනා කර ඇති වාර ගණන අනුව එහි ඝණ්ටාරය නාද කරති.
සනුමි සිතුලිමා
10 ශ්‍රේණිය ඊ”
හොරණ රාජකීය විද්‍යාලය, හොරණ.
පුංචි හිත්
ඇලපිල්ල කොම්බුවෙන් හැඩ කරලා ලියුවා
ගැළපිල්ල යන්තමට පිටු අතර එතුවා
සැනසිල්ල ඇළ ඉවුරෙ ඒදණ්ඩෙ තැබුවා
පෑවිල්ල සරුංගල අහසෙ පා කෙරුවා
යාන්තම් අම්මගෙන් බේරිලා ආවා
වාරුවක් නෑ වගේ අත්තම්ම කීවා
යාළුවෙක් ආ විගස මිදුල හැඩි කෙරුවා
අම්ම එන්නට කලින් මිදුල අස් කෙරුවා
ඩබ්ලිව්.කේ.එස්.කේ. දිලුක්ෂි පෙරේරා
12 ශ්‍රේණිය කලා
අත්තනකඩවල ජාතික පාසල
අත්තනකඩවල