Home » පොත්පුවත්

පොත්පුවත්

by Mahesh Lakehouse
March 9, 2025 12:30 am 0 comment

තුන් පර­පු­රක පොත් එළි­දැක්ම පද­නම් ආය­ත­න­යේදී බදාදා

ප්‍රවීණ සන්නි­වේ­දක සමන් අතා­වුද හෙට්ටිගේ ‘සමන් කියයි – 2’, තාරකා අතා­වු­ද­හෙ­ට්ටිගේ ‘චෙකො­හො­ලික් හීන’ නව­ක­තාව සහ තරු­සර පෙරේ­රාගේ ‘කළු මකරා’ ළමා කතාව හඳුන්වා දීමේ උලෙළ 12 වැනිදා බදාදා සවස 3.30ට ශ්‍රී ලංකා පද­නම් ආය­ත­න­යේදී පැවැත්වේ. මහා­චාර්ය සරත් විජේ­සූ­රිය, මහා­චාර්ය ප්‍රණීත් අභ­ය­සු­න්දර, ස්වාමි විවේ­කා­නන්ද සංස්කෘ­තික මධ්‍ය­ස්ථා­නයේ අධ්‍යක්ෂ මහා­චාර්ය අන්කුර දත්තා, විශේ­ෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා සහ සූප­වේ­දිනි අනෝමා විජේ­තුංග මෙහිදී විශේෂ දේශන පව­ත්වති.


නළු­වෙල ආනන්ද නාහිමි

කර්තෘ – රොඩ්නි විදා­න­ප­ති­රණ
මහා මහින්ද ධර්ම­දූත සංග­මය

ඉන්දි­යාවේ මහා­රාෂ්ට්‍ර ප්‍රාන්තයේ වැඩ­වා­සය කරන නළු­වෙල ආනන්ද නාහි­මි­යන්ගේ චරි­තය අලළා ලියන ලද කෘති­යකි. නාහි­මි­යන්ගේ බාල විය, පැවිදි දිවිය හා සසුන් මෙහෙ­වර ඇතුළු තොර­තුරු රැසක් ලේඛ­කයා මෙහිදී රස­වත් ලෙස ඉදි­රි­පත් කරයි.


සිතක බලය

කර්තෘ – මැල්ල­ව­ගෙ­දර
සම­ණ ­ධම්ම හිමි
සම­ය­ව­ර්ධන ප්‍රකා­ශ­න­යකි

ගිහි පැවිදි දෙපි­රි­ස­ටම වැද­ගත් වන කෘති­යකි. බුද්ධ දේශ­නාව අනුව සිත පිළි­බඳ විග්‍ර­හ­යක් කාටත් තේරුම් ගත හැකි අයු­රින් ලියන ලද කෘති­යකි. ඒ සඳහා භාවිත කර ගෙන ඇති සරල බස් වහර එහිදී වැද­ගත් මෙහෙ­ව­රක් ඉටු කරයි.

සිරි කහ­වල 


ප්‍රති­භා­න්වි­තය

කර්තෘ – හේමාලි විජේ­රත්න
නිද­හස් කලා සංධා­නයේ ප්‍රකා­ශ­න­යකි

ජ්‍යෙෂ්ඨ පුව­ත්ප­ත්ක­ලා­වේදි සිරි කහ­ව­ල­යන්ගේ ජීවන තොර­තුරු ඇතු­ළත්ව ඔහු පිළි­බඳ කලා ක්ෂේත්‍රයේ ප්‍රවී­ණ­යන්ගේ අද­හස් ද එක් කර ලිය­වුණ මේ කෘතිය සිරි කහ­ව­ල­යන්ගේ 83 වැනි ජන්ම දිනය වෙනු­වෙන් පසු­ගි­යදා පැවැ­ත්වුණු ‘සිරි අසිරි’ උලෙ­ළේදී නිකුත් කෙරිණි. සිරි කහ­ව­ල­යන් විසින් කලා ක්ෂේත්‍රය වෙනු­වෙන් කළ මෙහෙ­වර මෙන්ම ඔහුගේ ජීවිතේ විවිධ අවධි පිළි­බඳ ලියවී ඇති මේ කෘතියේ ජ්‍යෙෂ්ඨ කලා­ක­රු­වන් මෙන්ම වර්ත­මා­නයේ රංගන ක්ෂේත්‍රයේ නියැ­ළෙන ශීල්පීන් දැක්වූ අද­හස්ද ඇතු­ළත්ය. මෙය ‘සර­ස­විය’ පුව­ත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේ­දීනි හේමාලි විජේ­ර­ත්නගේ සංස්ක­ර­ණ­යකි.


මෙතැන මම අන් තැනක

කර්තෘ – නාමල් ප්‍රසන්න
සර­සවි ප්‍රකා­ශ­න­යකි

මුල්ම කෙටි­කතා සංග්‍ර­හය වූ ‘ගිනි­යම් සඳ එළිය’ ලියා පළ කර වසර 18කට පසු නාමල් ප්‍රසන්න විසින් ලියන ලද අලුත්ම කෙටි­කතා සංග්‍ර­හ­යයි. ලේඛ­කයා විසින් කලින් කල ලියන ලද කෙටි­කතා 8ක් මෙහි ඇතු­ළත්ය. ශ්‍රී ලංකා රූප­වා­හිනී සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිෂ්පා­ද­ක­යකු වශ­යෙන් කලක් සේවය කළ නාමල් මේ කෘතිය සඳහා විවිධ අත්දැ­කීම් එක්කොට ගෙන ඇති සෙයකි. උත්තම පුරුෂ දෘෂ්ටි­කෝ­ණ­ය­කින් ලියා ඇති කෙටි­කතා සංග්‍ර­හයේ කතා සඳහා සරල බස්ව­හ­රක් භාවිත කර ඇත.


අවි­චාර සම­යක නිරු­වත් වෘක්ක­යන් අතර

කර්තෘ – නිහාල් රණ­සිංහ
කර්තෘ ප්‍රකා­ශ­න­යකි

ලේඛ­කයා මේ කෘති­යෙන් අපට කියන්නේ ඔහු­ගේම ජීවිත කතා­වයි. ජනතා විමුක්ති පෙර­මු­ණට සම්බන්ධ වීමත්, ඒ නිසාම විඳින්න සිදු වූ ගැහැ­ටත් මේ කෘති­යට පාදක වී ඇත. ඔහු ජීවි­තයේ ලැබූ ඒ අත්දැ­කීම් එකින් එක පාඨ­කාට කියන්නේ සියලු දුක්ඛ දෝම­න­ස්ස­යන් එක්තැන් කොටය. මින් පෙරද විවිධ විෂය ක්ෂේත්‍ර පිළි­බඳ පොත­පත ලියා ඇති නිහාල් ජීවි­තයේ සිය අත්දැ­කීම් ඇසුරු කර­ගෙන ලියූ පළමු කෘතිය මෙයයි.


දියු­ණුවේ රහස්

කර්තෘ – ආචාර්ය දිසා­නාත් පීරිස්
කර්තෘ ප්‍රකා­ශ­න­යකි

වාස්තු විද්‍යාව තේමා කර­ග­නි­මින් ලිය­වුණ මේ කෘතියේ මිනි­සාට තමන් පදිංචි නිවෙස මෙන්ම තමන් නියැ­ළෙන ව්‍යාපාර ආදි­යෙන් තමන්ගේ දියු­ණුව සලසා ගන්නා අයුරු විග්‍රහ කර ඇත. නිවෙසේ බුදු පහන දැල්වීම, උත්සව අව­ස්ථා­ව­ලදී ඒ ස්ථානය සකස් විය යුතු ආකා­රය ආදි බෝහෝ කරුණු මෙහි ඇතු­ළත් කර ඇත. එමෙන්ම තමන් විසින්ම තමන් ගැන විමසා දැන­ගත හැකි පුද්ගල දේහ ලක්ෂණ ආදි තවත් තොර­තුරු රැසක් මෙහි අන්ත­ර්ගත වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division