25
ප්‍රබල මිනිසෙක් ආවේය.
මිනිස්සු ඔහුගේ වචනය විශ්වාස කළහ.
“මට බලය දුන්නොත් පිරිමියකු ගැහැනියක හෝ ගැහැනියක පිරිමියකු කිරීම හැර අන් සියල්ල කළ හැකි ය.”
“එහෙනම් ගැහැනුන්, පිරිමින් එසේ සිටියදී අන් සියල්ල කරන්නැයි” මිනිස්සු ඔහුට බලය දුන්හ.
හේ කළේය, කළේය. මිනිසා විසින් මිනිසා සූරාකෑම නීතිගත කළේය.
මිනිසත්කම වෙනුවට තිරිසන්කම වගා-දිගා කළේය.
හොරකම ධර්මිෂ්ඨ සමාජයේ කාර්යකැයි තහවුරු කළේය.