මෙයට කලකට පෙර හොලිවුඩයේ ඉතාම ජනප්‍රිය සහ ඔස්කාර් සම්මානලාභී කීර්තිමත් නළුවකු වූ ජීන් හැක්මන්ගේ අබිරහස් මරණය පසුගිය දිනවල සිනමා ලෝකය විශාල තිගැස්මකට සහ කම්පනයකට පත් කළ සිදු වීමක් වුණා. හැක්මන් පමණක් නොව ඔහුගේ බිරිය බෙට්සි අරකාවා සහ එ් දෙදෙනාගේ සුරතල් සුනඛයකු ද ඔවුන්ගේ නිෙවස තුළ මියගොස් සිටිය දී පසුගිය 26 වැනි දින සොයා ගන්නා ලද අතර මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් ඔවුන්ගේ මරණයට හේතුව පැවතියේ අබිරහසක් හැටියට යි. හැක්මන් ඔහුගේ බිරය සමඟ ජීවත් වූයේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ සැන්ටා ෆේ නගරයේ පිහිටි ඇ. ඩොලර් මිලියන 3 ක් පමණ වටිනා නිෙවසක යි.
ඔවුන්ගේ සිරුරු සොයා ගනු ලැබ තිබුණේ අසල්වැසියකු දුන් දුරකතන ඇමතුමක් නිසා එහි ගිය පොලිස් නිලධාරියකු විසින් බව සඳහන්. මළ සිරුරු තිබී ඇත්තේ තැන් දෙකතුනක වීමත් විශේෂත්වයක්. හැක්මන්ගේ මළ සිරුර නිෙවසේ මුළුතැන්ගෙය අසල කුඩා කොටසක තිබී හමු වී තිබූ බවත්, බිරියගේ සිරුර නාන කාමරයක තිබී හමු වී තිබූ බවත් පැවසෙනවා. සුනඛයාගේ සිරුර නාන කාමරය ආසන්නයේ කූඩුවක් වැනි තැනක තිබී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණා. මළ සිරුරු සොයා ගෙන ඇත්තේ මරණ සිදු වී දින 10 කට පමණ පසුව බවත් විශ්වාස කෙරෙනවා.
ජීන් හැක්මන්ගේ වයස අවුරුදු 95ක් වූ අතර ඔහුගේ බිරිඳ අරකාවාගේ වයස අවුරුදු 65ක්. අරකාවා දක්‍ෂ පියානෝ වාදන ශිල්පිනියක්. ඔවුන් දෙදෙනා විවාහ වූයේ 1991 වසරේයි. එ් අනුව ඔවුන්ගේ යුග දිවියට වසර 34ක්.
යම් පාර්ශ්වයක් විසින් මේ දෙදෙනා මරා දමනු ලැබුවා ද යන්න සම්බන්ධයෙන් ද විමර්ශකයන්ගේ සැකය යොමු වී තිබුණා. නමුත් තුවාල සලකුණු ආදී කිසිවක් මළ සිරුරුවල නැති බව විමර්ශන පවත්වන නිලධාරින් පවසනවා. දැනට ඔවුන් විශ්වාස කරන්නේ අපරාධයක් සිදු වී නැති බවයි.
ඔවුන් දිවි නසා ගත්තා ද යන සැකයත් මතු වී තිබුණා. විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ මෙවැනි අනුමානයන් පළ වී තිබෙනු දැකගන්නට ලැබුණා.
හැක්මන්ගේ බිරිය අරකාවා සිටි නාන කාමරයේ බිම බෙහෙත් පෙති විසිරී තිබූ බව සඳහන්. මෙම ඖෂධ අධි රුධිර පීඩනය සහ තයිරොයිඩ් ආබාධ සඳහා ගන්නා එ්වා බවත් අනාවරණය වී තිබෙනවා. හැක්මන් හදිසියේ ඇදවැටී ඇති බවක් පෙනෙන බව ද විමර්ශකයන් පවසනවා. ඔහුගේ සිරුර අසල සැරයටියක් සහ අව් කණ්ණාඩි යුගලක් තිබූ බවත් සඳහන්.
කාබන් මොනොක්සයිඩ් විෂ වායු කාන්දුවකින් මෙම මරණ සිදු වී ද යන්න ගැනත් විමර්ශකයන්ගේ අවධානය යොමුව තිබුණා. නමුත් පසුව අනාවරණය වී තිබුණේ මෙවැනි වායු කාන්දුවක් සිදුව නැති බවයි. කෙසේ වෙතත්, විෂ ශරීරගත වීමක් සිදුව ඇත් ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බවත් පැවසෙනවා. එම වාර්තාව ලැබෙන්නට තව දින කිහිපයක් ගත වනු ඇති බවයි සඳහන් වන්නේ.
මෙම සටහන ලියන අවස්ථාව වනවිට ඉහත කී මරණ සිදු වූ ආකාරය ගැන නිශ්චිතව අනාවරණය වී නොතිබුණත් ඇතැම් විශේෂඥයන්ගේ අනුමානයක් මාධ්‍ය තුළ පළ වී තිබුණා. අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයකු පවසා තිබුණේ මෙම මරණ කිසියම් අනතුරු මාලාවක් නිසා සිදු වූ එ්වා විය හැකි බවයි. ජීන් හැක්මන් හෘදයාබාධයක් නිසා මියයන්නට ඇතැයි ඔහු අනුමාන කරනවා. ඔහු හෘදයාබාධයට ලක්ව ඇදවැටුණු විට ඔහුගේ බිරිය හැක්මන්ගේ බෙහෙත් රැගෙන එන්නට වහාම නාන කාමරයට ගියා විය හැකි බවයි ඔහු පවසන්නේ. ඇය තුළ වූ කලබලය නිසා ඇය නාන කාමරයේ ඇදවැටී හිස යමක වැදීමෙන් මියගියා වන්නට පිළිවන් බව ඔහු තවදුරටත් පවසා තිබුණා.
සුනඛයා මියගොස් තිබුණේ කූඩුවක් වැනි තැනකයි. දින ගණනක් තිස්සේ ආහාර සහ ජලය නොලැබීම වීම නිසා සුනඛයා මිය යන්නට ඇතැයි ද මෙම විශේෂඥයා අනුමාන කර තිබුණා.