මෙරට ධර්ම සන්නිවේදනය උදෙසා සුවිශේෂ මෙහෙවරක් සැලසූ අපවත් වී වදාළ පූජනීය දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත්වීම සමරණු පිණිස බොරලන්දේ වජිරඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා මෙහෙයවීමෙන් දීඝවාපී පුදබිමේහි ඉදිකිරීම් අරඹන ලද සන්ථාගාර ශාලාව විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි.
දීඝවාපි රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති මහඔය සෝභිත නාහිමියන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් එම සන්ථාගාර ශාලාව ඉදිකිරීම ඇරඹිණි.
බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙහෙයවීමෙන් දෙස් විදෙස් සැදැහැවතුන්ගේ පරිත්‍යාගයෙන් ඉදිකරන ලද එම ගොඩනැගිල්ල සඳහා රුපියල් ලක්ෂ 2000ක පමණ මුදලක් වැය කර ඇත. දරණාගම කුසලධම්ම නාහිමි අනුස්මරණ දිනය නිමිත්තෙන් මාර්තු 01 වැනිදා විශේෂ දම් දෙසුම් මාලාවක් සහා සම්බුද්ධ වන්දනා මහා පින්කමක් සිදු කෙරිණි.
මාර්තු 03 වැනිදා එම සන්ථාගාර ශාලාව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල මහනාහිමි, මහාවිහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමි සහ මහාවිහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමි ප්‍රධාන පූජනීය මහා සඟරුවන වෙතින් විවෘත කෙරිණි.
දවල් සම්බුද්ධ පූජාවද වෙසෙසින් නැගෙනහිර පළාතේ මහා සඟරුවන ඇතුළු 125 නමක් උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාව ද පිරිනැමිණි.
සීසර් සුදුසිංහ