ශ්‍රී ලංකා රජය විසින් කළ හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවේ රෝහල්වල ෆියුරොසිමයිඩ් හිඟයට කඩිනම් පිළියමක් ලෙස එම එන්නත් කුප්පි 50,000ක් තිළිණ කරන ලදී. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී එම ඖෂධ තොගය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත භාර දුන් අවස්ථාව. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස් ඇතුළු ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
ඉන්දියාවෙන් රෝහල්වලට පරිත්‍යාගයක්
12
previous post