Home » මහ බැංකු අධිපතිගේ රුව අනිසි ලෙස භාවිත කරලා

මහ බැංකු අධිපතිගේ රුව අනිසි ලෙස භාවිත කරලා

by Mahesh Lakehouse
March 15, 2025 12:30 am 0 comment
අමිල මලවිසූරිය

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යයන්හි සංසරණය වන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ රුව අනිසි ලෙස භාවිත කරමින් කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කරන ලද වංචනික වීඩියෝව පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට අනතුරු අඟවයි.

ජනතාව නොමඟ යවන සුළු මේ වීඩියෝ මඟින් මහ බැංකු අධිපතිවරයා අසාමාන්‍ය මූල්‍ය ප්‍රතිලාභ දෙන බවට පොරොන්දු වන ආයෝජන යෝජනා ක්‍රම අනුමත කරන අයකු සේ ව්‍යාජ ලෙස හඳුන්වා දී තිබේ.

මාර්ගගත මූල්‍ය වංචා ගැන දැනුම නොමැති අය සතු මුදල් වංචනික ලෙස අත්පත් කරගැනීමේ අරමුණින් එම පුද්ගලයන් වෙනත් බාහිර පුද්ගලයන්ට යොමු කිරීම ද මෙකී වංචනිකයන් විසින් කටයුතු කර ඇති බව මහ බැංකුව සඳහන් කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division