සයිබර් අපරාධවලින් දරුවන් ගලවා ගැනීම සඳහා මවුපින්ට විශාල වගකීමක් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පෙන්වා දෙයි.
එහි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චරුක දමුණුපොළ ‘සිළුමිණ’ සමඟ පවසා සිටියේ “අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා, වට්ස්ඇප් සමූහ හා ටෙලිග්‍රෑම් සමූහ ආදිය සමඟ සම්බන්ධ වන දරුවන් සයිබර් අපරාධකරුවන්ගේ ප්‍රමුඛ ඉලක්කයක් ලෙස හඳුනාගෙන ඇති බවයි. එනිසා මවුපියන් සෑම විටම තම දරුවා අන්තර්ජාලය තුළ කටයුතු කරන ආකාරය පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බව හෙතෙම පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු දමුණුපොළ පවසා සිටියේ “සයිබර් අපරාධ යනු කුමක්දැයි දරුවන් දැනුවත් කළ යුතු බවත්, ඒ පිළිබඳ මවුපියන්, දරුවන් සමඟ සංවාදයක් ගොඩනඟාගැනීම සයිබර් අපරාධවලින් ගැලවීමට දරුවන්ට අවස්ථාව උදා කර දෙන බවය.