5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණ ප්‍රතිඵල මත, කඩඉම් ලකුණු ඉක්මවූවන් 2025 වසරේ 6 වැනි ශ්‍රේණියට යොමු කිරීම සඳහා පාසල් කඩඉම් ලකුණු ඉකුත් සිකුරාදා (24) අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කෙරිණි.
ඒ අනුව මෙවර සිංහල මාධ්‍යයෙන් පාසලක් සඳහා ඉහළම කඩඉම් ලකුණ ලෙස කොළඹ විශාඛා විද්‍යාලය ලකුණු 173ක්ද, බාලක පාසල්හි වැඩිම කඩඉම් ලකුණ ලෙස කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 172ක්ද, මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 171ක්ද ප්‍රකාශයට පත් කර තිබේ. කොළඹ දේවි බාලිකා විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය සඳහා කඩඉම් ලකුණ 169කි. මිශ්‍ර පාසල් අතුරින් වැඩිම ලකුණ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය සඳහා 165ක් ලෙස සටහන් වෙද්දී, කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලය ලකුණු 163කි.
දෙමළ මාධ්‍යයෙන් බාලිකා පාසල්හි ඉහළම ලකුණ ලෙස ලකුණ 162 කොළඹ මුස්ලිම් කාන්තා විද්‍යාලයත්, දෙමළ මාධ්‍ය බාලක ඉහළම ලකුණ ලෙස ලකුණු 169 කොළඹ රාජකීය විද්‍යාලයත් සටහන් වෙද්දී, මිශ්‍ර පාසල්හි ඉහළම ලකුණ වූ ලකුණු 160 හැටන් හයිලන්ඩ්ස් විද්‍යාලයට හිමි වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ කඩඉම් ලකුණු ලේඛනයේ සඳහන් වේ.
සිසුන්ට ලැබී ඇති පාසල් https://g6application.moe.gov.lk සබැඳිය වෙත පිවිසීමෙන් පරීක්ෂා කරගත හැකි අතර, අභියාචනා ඉදිරිපත් කිරීමට මාර්ගගත (online) ක්‍රමයට ඉදිරියේදී පහසුකම් සලසන බවද අභියාචනා ඉදිරිපත් කළ හැකි කාලසීමාව පසුව දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.