Home » මත් වී බස් එළවන රියැදුරන්ට දැලක්

මත් වී බස් එළවන රියැදුරන්ට දැලක්

by Mahesh Lakehouse
March 15, 2025 12:30 am 0 comment
දීපාල් සමරසේකර

අයිස්, හෙරොයින්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය පානය කර මගී බස් රථ ධාවනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මේ වන විට රට පුරා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලිස් වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි ඩඩ්ලි වුඩ්ලර් සිළුමිණට පැවසීය. මත්ද්‍රව්‍ය පානය කර බස්රථ ධාවනය කරන රියැදුරන් නිසා සිදු වන මාරක අනතුරු ක්‍රමයෙන් වර්ධනය වීම නිසා පොලීසිය මේ පියවර ගත් බවද සහකාර පොලිස් අධිකාරිවරයා පෙන්වා දුන්නේය.

හලාවත මාදම්පේ ප්‍රදේශයේදී බස්-ත්‍රිරෝද රථ මුහුණට මුහුණ ගැටී පසුගියදා තිදෙනකු මරුමුවට පත් වූ අතර, එහිදී කරන ලද පරීක්ෂණයේදී හෙළි වූයේ අදාළ බසයේ රියැදුරු අයිස් මත්ද්‍රව්‍ය පානය කර සිටි අතර, ත්‍රිරෝද රියැදුරු ගංජා පානය කර සිටි බවයි. මගී බස් රථ රියැදුරන්ගෙන් 10 -15% අතර පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නද පසුගියදා සඳහන් කළේය. මේ අතර 2025 ජනවාරි 1 දා සිට මාර්තු 12 දක්වා සිදු වූ මාරක රිය අනතුරු 412කින් 431 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇත. ජනවාරි 1 සිට මාර්තු 7 දක්වා සිදු වූ රිය අනතුරු ගණන 2,497කි. ඉන් 925ක් බරපතළ අනතුරුය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division