සිංහල දෙමළ සහජීවනය ඉතා වැදගත් වත්මන් වකවානුවේ ජාතික සමගිය සඳහා අතීතයේ උදව් කළ සුවිශේෂ පුද්ගලයන් ගැන ස්මරණය කිරීම කාලීන අවශ්‍යතාවකි. 1903 දී යාපනේදී උපත ලබා කොළඹට පැමිණ පිටකොටුවේ බෝධිය සුද්දාගෙන් බේරා ගනිමින් එම ස්ථානයේමළ මිත්‍රත්වය ගොඩනැගීම සඳහා වසර 60ක් පමණ කටයුතු කළ සුවිශේෂ පුද්ගලයෙකි.
1980 මාර්තු 22 වැනි දින මියගිය ඒ මහතාගේ 45 වැනි ගුණසමරුව මාර්තු 22 වැනිදාට යෙදී ඇත. ඒ නිමිත්තෙන් ඒ මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කළ මහව පළමු ගෙදර මංගලාරාම විහාරස්ථානයේදී මාර්තු 30 වැනි දින පින්කම් මාලාවක් පැවැත්වේ. එම විහාරස්ථානය ඇතුළු තවත් විහාරස්ථාන රැසකට උදවු කළ ඒ මහතා ශ්‍රී ලංකාව නිදහස ලබාගැනීම සඳහාද එකල ජාතික නායකයන් සමඟ පෙරමුණ ගෙන කටයුතු කළේය. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, සාගර පලන්සූරිය, කුමාරතුංග මුනිදාස යන වියතුන් සමඟද එක් වී ඔහු රටේ ආගමික ජාතික කටයුතුවලට උදවු දුන්නේය.
පිටකොටුවේ බෝධීන් වහන්සේගේ සෙවණ ලබමින් තම ව්‍යාපාරය ගෙනගිය ඔහු පිටකොටුව බෝධීන් වහන්සේ අවස්ථා දෙකකදී ඉංග්‍රීසි ආණ්ඩුව විසින් කපා දැමීමට උත්සාහ කළ අවස්ථාවල මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන් සමඟ ඊට විරෝධය ප්‍රකාශ කළහ. ඒ නිසා ඒ බෝධීන් වහන්සේ අද දක්වාම නගරය මැද පුද සත්කාර මැද විරාජමානව පිටකොටුවේ වැඩ සිටිති.
අතීතයේ මේ බෝධීන් වහන්සේට සෑම දිනකම උදේ පුද පුජා පැවැත්වීම ආරම්භ කර ඇත්තේද මේ සින්නදොරේ මහතාය. පසුව ඔහු බෝධිය වටා ආරක්ෂිත වැටක් ඉදිකොට ගේට්ටුවක් ද දැමීය. අනතුරුව එහි බුද්ධ මන්දිරයක් ඉදිකොට බුද්ධ ප්‍රතිමාවක් ද තැන්පත් කිරීමට ඔහු කටයුතු කළේය. සින්නදොරේ මහතාගේ උත්සාහය නිසා එක්සත් බෝධිරාජ සමිතිය ආරම්භ කොට පිටකොටුවේ සෙසු ව්‍යාපාරික ප්රජාවගෙන්ද සහයෝගය ලබාගෙන අද පවතින විහාර මන්දිරය, චෛත්‍යය, දේවාල, ඝණ්ටාර කුලුනු ආදි විහාරස්ථානයක සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත බෝධිරාජ විහාරය ඉදි කරන ලදි.
උපතින් හින්දු බැතිමතකු වුවත් බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය කරන්නට විශාල පරිශ්‍රමයක් දැරූ මෙතුමා වැල්ලවත්තේ ශ්‍රී ධර්මෝදය පිරිවෙන, මහව පළමුගෙදර ශ්‍රී මංගලාරාමය, අනුරාධපුර කුරුන්දම්කුලම සද්ධර්ම විවේකාශ්‍රමය සහ ඇහැළියගොඩ සාම මහා විහාරය ආදි විහාරස්ථාන රැසකට උදවු උපකාර කළේය.
සිංහල සාහිත්‍යවේදීන් රැසක් සමග එක් වී සිංහලයකු මෙන් ජාතික නිදහස් අරගලයටද දායක වූ සින්නදොරේ මහතාගේ තවත් සුවිශේෂම සේවාවක් වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල සිතුවම් සහිත දින දර්ශනය වන ‘ලීලා පංචාංග චිත්‍ර දින දර්ශනය‘ රටට දායාද කිරීමයි.
නිහාල් පී. අබේසිංහ