Home » කාන්තාවන් සවිබලගන්වන ‘වනිතාභිමාන’ 5 අදියර ඇරඹේ

කාන්තාවන් සවිබලගන්වන ‘වනිතාභිමාන’ 5 අදියර ඇරඹේ

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment

NDB බැංකුව සිරස News First සමඟ එක්ව ශ්‍රී ලාංකේය කාන්තාවන් ඇගැයීම සහ සවිබලගැන්වීම සඳහා කැපවූ ‘ශ්‍රී ලංකා වනිතාභිමාන’ සම්මාන උලෙළේ 5 වැනි අදියර දියත් කිරීම නිල වශයෙන් ඇරඹිණි. මෙවර අදියර විවිධ ක්ෂේත්‍ර හරහා විශිෂ්ටයන් ඇගැයීමට ලක් කරන පුළුල් සම්මාන ව්‍යූහයකින් සමන්විතය. පළාත් මට්ටමින්, කුඩා ව්‍යවසායිකාව, නැඟී එන ව්‍යවසායිකාව සහ ඩිජිටල් ව්‍යවසායිකාව (නව එකතු කිරීමකි) මෙන්ම, තරුණ නායකත්වය, කලා හා සාහිත්‍ය, සමාජ සේවා හා ක්‍රීඩා යන අංශ සඳහා සම්මාන හිමිවේ. ආයතනික අංශය ද සම්මාන දහයක් මඟින් ඇගැයීමට ලක් කෙරෙන අතර, අලුතින් හඳුන්වා දුන් විදේශ රැකියා කාණ්ඩය ඇතුළු තවත් කාණ්ඩ කිහිපයක් යටතේ සම්මාන පිරිනැමේ. ළඟම තිබෙන NDB බැංකු ශාඛාවෙන් අයදුම්පත් සහ වැඩිදුර විස්තර ලබාගත හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division