Home » ICC සම්මාන උලෙළේ විශිෂ්ටතම ජීවිත රක්ෂණ සමාගම යූනියන් ඇෂුවරන්ස්

ICC සම්මාන උලෙළේ විශිෂ්ටතම ජීවිත රක්ෂණ සමාගම යූනියන් ඇෂුවරන්ස්

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment

යූනියන් ඇෂුවරන්ස්, 5 වැනි Emerging Asia Insurance & Conclave Awards 2024 සම්මාන උලෙළේදී ‘විශිෂ්ටතම ජීවිත රක්ෂණ සමාගම’ ලෙස ඇගැයීමට පාත්‍ර විය. ඉන්දීය වාණිජ මණ්ඩලය විසින් බැංකොක් නුවරදී පවත්වන ලද මේ උත්සවයේදී ආසියාව පුරා විසිරී ඇති මුල් පෙළේ රක්ෂණ සමාගම් විසින් ජීවිතරක්ෂණයට අදාළව නව්‍යකරණය, තිරසාරත්වය සහ වියදම් දරාගැනීමේ පහසුව සම්බන්ධයෙන් දරනු ලබන උත්සාහයන් අගයනු ලැබිණි.

මේ පිළිබඳ, යූනියන් ඇෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක පැවසූයේ: “යූනියන් ඇෂුවරන්ස් සමාගමේ මෙහෙයුම්, ජීවිත රක්ෂණය පිරිනැමීමෙන් ඔබ්බට යමින් දේශයේ සමස්ත උන්නතිය වෙනුවෙන් ආර්ථික සහ සමාජ ප්‍රගතිය වේගවත් කිරීම දක්වා විහිද යනවා. නව්‍යකරණය සමඟ අත්වැල් බැඳ ගැනීම සහ අපගේ ඩිජිටල් පහසුකම් සවිමත් කිරීම මඟින් ජීවිත රක්ෂණය සැමට සමීප කරමින්, අපගේ පාරිභෝගිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ආදරණීයයන්ගේ රැකවරණ අවශ්‍යතා සපුරාලන ඉහළම මට්ටමේ විසඳුම් පිරිනැමීමට අප කැපවනවා…” යනුවෙනි. ශ්‍රී ලංකාවේ වඩාත්ම පරිපූර්ණ ජීවිත රක්ෂණ යෙදවුම වන ක්ලික්ලයිෆ් ඇප් එක යූනියන් ඇෂුවරන්ස්හි විශිෂ්ටත්වයේ අග්‍ර ඵලය ලෙස සැලකිය හැකි කැපී පෙනෙන හඳුන්වා දීමකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division