Home » කොමර්ෂල් බැංකුව 2024 වසරේ විශිෂ්ට කාර්යසාධනයක

කොමර්ෂල් බැංකුව 2024 වසරේ විශිෂ්ට කාර්යසාධනයක

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment

කොමර්ෂල් බැංකු සමූහය, කොළඹ කොටස් වෙළෙඳපොළ CSE) වෙත සිය වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී 2024 වසර සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර ඇත. හානි පූර්ණ ගාස්තු සහ අනෙකුත් පාඩු සඳහා විචක්ෂණශීලිව ප්‍රතිපාදන වෙන් කිරීම, ඵලදායි ශේෂපත්‍ර කළමනාකරණය සහ ණය දීමේ කටයුතුවල ශක්තිමත් වර්ධනය නිසා බැංකුව සතු වූ ශ්‍රී ලංකා අන්තර්ජාතික ස්වෛරීත්ව බැඳුම්කර (SLISB) ප්‍රතිව්‍යූහගතකරණයෙන් සිදු වූ පාඩුව දරා ගැනීමට හැකි වී ඇත.

වෙන වෙනම ගත් විට, සලකා බලන මූල්‍ය වසර සඳහා කොමර්ෂල් බැංකුවේ බදු ගෙවීමට පෙර ලාභය රු. බි. 95.53 ක් වූ අතර, ශුද්ධ ලාභය රුපියල් බිලියන 54.07ක් ලෙස වාර්තා කර ඇත. ඒ පිළිවෙළින් 199.67%ක් සහ 164.28%ක් වූ වර්ධන අගයන්වලිනි. සමාගමේ කොටසක මූලික ඉපැයීම රුපියල් 37.74 දක්වා ඉහළ ගොස් තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division