Home » ‘SLIC Life සුබ පැතුම් ශිෂ්‍යත්ව’ සඳහා අයදුම්පත් කැඳවයි

‘SLIC Life සුබ පැතුම් ශිෂ්‍යත්ව’ සඳහා අයදුම්පත් කැඳවයි

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC) දිවයින පුරා සිටින සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන් සඳහා 2014 වසරේදී ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්’ සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරන ලදි. අද වන විට, මේ වැඩසටහන මඟින් ශිෂ්‍යත්ව 2,000කට අධික ප්‍රමාණයක් ප්‍රදානය කර ඇති අතර, එහි වටිනාකම රු.මි. 200 ඉක්මවයි. මේ වසරේදී සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් 2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාගවලට මුහුණ දුන්, ඉහළින්ම දක්ෂතා දැක්වූ සිසුන් 225කට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ. මේ යටතේ එක් එක් විභාගයෙන් සිසුන් 75 බැගින් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා තෝරාගනු ලබයි. අයදුම්පත් ඉදිරිපත් කිරීම SLIC Life වෙබ් අඩවිය හරහා මාර්තු 31 දක්වා විවෘත කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division