ජපන් ශ්‍රී ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංගමය (JASTECA) විසින් 2025 වසරේ JASTECA සම්මාන උලෙළ දියත් කරන ලද බව නිවේදනය කරයි. ඒ අනුව එම සම්මාන උලෙළ 2025 සැප්තැම්බර් මාසයේ පැවැත්වෙනු ඇත. කළමනාකරණ දර්ශනය සාර්ථකව යොදා ගන්නා ව්‍යාපාර හඳුනා ගැනීමේ නව පරිච්ඡේදයක ඇරැඹුම සනිටුහන් කිරීමට ද මෙවර සම්මාන උලෙළෙන් අවස්ථාව උදාවේ.
මේ පිළිබඳ අදහස් දැක් වූ JASTECA සභාපති මංගල සමරජීව පැවසූයේ, “හුදු සම්මානයකට වඩා විශිෂ්ටත්වයේ ප්‍රතිමූර්තියක් ලෙස මෙම JASTECA සම්මානය හඳුන්වා දිය හැකියි. ආයතන වෙත කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළ පිළිගැනීමක් සඳහා මෙන්ම පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය ඉහළ නැංවීම හා වෙළෙඳපොළ තුළ වාසිසහගත තරගකාරීත්වයක් ලබාදීමට ඒ තුළින් හැකියාව උදා වනවා” යනුවෙනි.