ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම උදෙසා අබාන්ස් සමාගම විසින් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක් වෙමින් දිවයිනේ පාසල් තුළ කර්මාන්ත ව්‍යවසායකත්ව කව ජාතික වැඩසටහන ආරම්භ කර ඇත. ඒ අනුව, මෙරට සිසු පරපුර අතර ව්‍යවසායකත්ව සංස්කෘතියක් සහ ව්‍යවසායකත්ව මානසිකත්වයක් උද්දීපනය කර ජාතික නිෂ්පාදනයට ක්‍රියාශීලීව සහ ඵලදායීව දායක වන ව්‍යවසායකත්ව පරපුරක් රටට දායාද කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. මේ පිළිබඳ අබාන්ස් ව්‍යාපාර සමූහයේ සභාපතිනි අබාන්ස් පෙස්ටොන්ජි පවසා සිටියේ සිය ව්‍යාවසායකත්ව දිවිය ආරම්භ කිරීමේදී වෙනසක් කිරීමට තමන් සතුව පැවති අවශ්‍යතාව පිළිබඳ ඉහළින්ම විශ්වාස කළ බවයි.
අබාන්ස්, පාසල් ව්‍යවසායකත්ව වැඩසටහන සමඟ එක්වෙයි
39