Home » සතියේ කලදවස

සතියේ කලදවස

මාර්තු 17 සිට 23 දක්වා

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment

මේෂ – ව්‍යාපාර අංශ දියුණුවට

සඳු ගමන් කරන්නේ 7, 8, 9 යන භාව­යන් මතිනි. වෙළෙඳ ව්‍යාපාර හවු­ල්ක­රු­වන් සමඟ කරන ගනු­දෙ­නු­ව­ලට සුබ­ඵල ගෙන­දෙයි. ගෘහ ජීවි­තය තුළ ගැටලු අවම කරයි. සිතු­විලි වෙනස් වේ. විදෙ­ස්ග­මන් සපල වීමට හැකි­යාව පෙන්වයි. කන­ගා­ටු­දා­යක පුවත් හෝ ඇසුරු කරන කෙනෙකු සමඟ සිත් රිදී­මක් ඇති­විය හැකි බැවින් ඉව­සී­මෙන් හිත හදා ගැනී­මට ඔබට සිදුවේ. අපල අවම වීමට මෛත්‍රී භාව­නාව කරන්න.

සුබ අංක – 6, 9 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – අඟ­හ­රු­වාදා, බදාදා

වෘෂභ – යුග දිවිය සාම­කාමී වේ

සඳු ගමන් කරන්නේ 6, 7, 8 යන භාව­යන් මතිනි. සතුරු කර­දර තිබුණේ නම් ඒවා අවම වී තම වැඩ­ක­ට­යුතු කර ගැනී­මට වීර්ය උප­ද­වයි. යුග දිවිය සාම­කාමී වේ. ව්‍යාපාර සහ විදෙ­ස්ග­ම­න්ව­ලට සුබ­පල ගෙන දෙයි. සේව­ක­යන් සමඟ කථා බහේදී හැකි­තාක් ඉව­සි­ලි­ව­න්තව ඔවු­නට කරුණු පහදා දෙන්න. සාමා­ජීය සහ පොදු වැඩ­ව­ලදී ද කතා­බහ අඩු කරන්න. අපල අවම වීමට කරඳ පැළ­යක් සිටු­වන්න.

සුබ අංක – 5, 6 / සුබ වර්ණ – කොළ, සුදු / සුබ දවස් – බදාදා, සිකු­රාදා

මිථුන – දූ දරු­වන්ගේ දක්ෂතා

සඳු ගමන් කරන්නේ 5, 6, 7 යන භාව­යන් මතිනි. දරු­වන්ගේ අධ්‍යා­ප­නය මෙන්ම සියලු යහ­පත් බලා­පො­රො­ත්තු­ව­ලට සුබ සති­යකි. ප්‍රමාද විවාහ රැකියා ආදි­යට කැඳ­වීම් ලැබේ. සුළු අන­තුරු හෝ ලේ දෝෂ මතු­විය හැකිය. සෞඛ්‍ය තත්වය පිළි­බඳ උන­න්දු­වන්න. සාමා­ජීය කට­යුතු, පුණ්‍ය කට­යුතු ආදි­යට නියැ­ළීමේ අවස්ථා ගෙන දෙයි. අපල අවම වීමට කුඩා දරු­වන්ට රැක­ව­ර­ණය දෙන්න.

සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ, කහ / සුබ දවස් – සිකු­රාදා, සෙන­සු­රාදා

කටක – ගෘහ අලං­ක­රණ කට­යුතු

සඳු ගමන් කරන්නේ 4, 5, 6 යන භාව­යන් මතිනි. ගෙදර දොර කට­යුතු වෙනු­වෙන් බොහෝ කැප­කි­රීම් කර­න්නට සිදුවේ. මවගේ සහ­යෝ­ගය හිමි­වෙන අතර මව සමඟ වැඩ කිරී­මේදී ඇගේ සිත් නොරි­දෙන සේ කට­යුතු කිරීම වැද­ගත් වේ. එය සිත තබා­ගන්න. සතුරු කර­දර අවම වේ. දරු­වන්ගේ දියු­ණු­වට යම් මෙහෙ­ව­රක් ඉටු­ක­රයි. කුඩා දරු­වන්ට අපල තත්ව­යක් පව­තින බැවින් ආරක්ෂා කරන්න. අපල අවම වීමට රතන සූත්‍රය කියන්න.

සුබ අංක – 2, 7 / සුබ වර්ණ – සුදු, කහ / සුබ දවස් – සඳුදා, අඟ­හ­රු­වාදා

සිංහ – අත­පසු වූ වැඩ යළි අර­ඹයි

සඳු ගමන් ගන්නේ 3, 4, 5 යන භාව­යන් මතිනි. පදිංචි ස්ථානයේ අත­පසු වූ වැඩ යළි අර­ඹයි. ස්වයං­රැ­කියා දියු­ණුව, සහජ දක්ෂතා මතු කරයි. පවුලේ බැඳීම් වර්ධ­නය වේ. මවගේ සිත දිනා කට­යුතු කිරීම අව­ශ්‍යයි. මේ සතියේ ඔබට වචන වැර­දී­මට ඉඩ තිබේ. බුද්ධි­මත් වන්න. දේපළ සහ ගෘහ ජීවි­තය පිළි­බ­ඳව සාම­කා­මීව සිතන්න. අපල අවම වීමට අභි­ස­ම්භි­ධාන පිරිත කියන්න.

සුබ අංක – 5, 6 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – අඟ­හ­රු­වාදා, ඉරිදා

කන්‍යා – ධන ලාභ

සඳු ගමන් ගන්නේ 2, 3, 4 යන භාව­යන් මතිනි. ඔබට සුළු හෝ මහ ලාභ­ය­කට හිමි­කම් පෙන්වන අතර වච­නයේ ප්‍රිය­ම­නාප බව නිසා සුහ­ද­තා­වය වර්ධ­නය වේ. තෙවන දිනයේ තර­මක් ප්‍රවේ­ශ­මෙන් කථා­බ­හට යොමු­වන්න. ඒ අන්‍ය­යන්ගේ සිත් රිදීම් ගෙන­දිය හැකි බැවිනි. අව­සාන දින වන­විට ඔබට වැඩි­හිටි, ගුරු­වර, පූජක ආදීන්ගේ අව­වාද, අනු­ශා­සනා අස­න්නට ලැබෙයි. සුබ පණි­වුඩ, සුබ­යින්ගේ ඇසුර ලැබේ. අපල අවම වීමට කුඩා දරු­වන්ට ආද­රය කරු­ණාව දක්වන්න.

සුබ අංක – 5, 7 / සුබ වර්ණ – කහ, කොළ / සුබ දවස් – බදාදා, බ්‍රහ­ස්ප­තින්දා

තුලා – මිශ්‍ර­ඵල ගෙන දෙයි

සඳු ගමන් කරන්නේ ලග්නය, දෙවැන්න හා තුන්වැන්න හර­හාය. පොදු සාමා­ජීය හෝ පුණ්‍ය කට­යු­තු­ව­ලට සහ­භා­ගි­වීම් සහ සුහද මිතුරු මුණ­ගැ­සීම් දක්නට ඇත. මිල මුදල් ලාභ එත­රම් සතු­ටු­දා­යක නොවිය හැකි බැවින් කරන කියන රැකියා හා ව්‍යාපාර පිළි­බඳ වැඩි­දුර අව­ධා­න­යක් යොමු කිරීම වැද­ගත් වේ. තුන්වන දිනය වන විට සතු­ටු­දා­යක වේ. සිතෙහි ප්‍රීතිය උපදී. ප්‍රිය සම්භා­ෂණ හෝ එවන් අව­ස්ථා­ව­ලට ආරා­ධනා ලැබේ. අපල අවම වීමට මෝර පිරිත, සූර්ය පිරිත කියන්න.

සුබ අංක – 4, 7 / සුබ වර්ණ – ළා නිල, සුදු / සුබ දවස් – සෙන­සු­රාදා, ඉරිදා

වෘශ්චික – විදෙස් ගමන් සාර්ථකයි

සඳු ගමන් කරන්නේ 12 ලග්නය හා දෙවැන්න මතිනි. ආර­ම්භය තර­මක් දුරට බුද්ධි­මත්ව කට­යුතු කරන්න. පාඩු හෝ දුර ගම­නක් යෙදෙ­න්නට පුළු­වන. විදෙස් ගම­නක් නම් එය සුබ වනු ඇත. ඔබගේ රැකියා, ව්‍යාපාර සම්බ­න්ධව ඉව­සී­මෙන් යුතුව වැඩ කර­ගෙන යන්න. තර්ක විත­ර්ක­ව­ලට නොයන්න. ලාභ ප්‍රයෝ­ජන ලැබීමේ ප්‍රව­ණ­තා­වක් පෙන්වයි. දරු­වන්ගේ දක්ෂතා සතිය අව­සා­නයේ අස­න්නට ලැබේ. අපල අවම වීමට පංච ශීලය රකින්න.

සුබ අංක – 7, 9 / සුබ වර්ණය – රතු / සුබ දවස් – අඟ­හ­රු­වාදා, බ්‍රහ­ස්ප­තින්දා

ධනු – දරු­වන්ගේ බලා­පො­රොත්තු ඉටුවේ

සඳු ගමන් ගන්නේ 11, 12, ලග්නය මතිනි. සතිය ආර­ම්භයේ ඔබට හිත මිතුරු ඥාති කව­රෙ­කු­ගෙන් හෝ වෙනත් මාර්ග­ය­කින් හෝ ලැබීම් සහිත බවක් දක්නට ඇත. එහෙත් ඒ අත­ර­තුර ඔබ­ගෙන් මුදල් ඉල්ලා කෙනෙක් අම­නා­ප­වී­මට ද ඉඩ ඇති බැවින් ඒ පිළි­බ­ඳ­වත් සිතන්න. දරු­වන්ගේ සියලු යහ­පත් බලා­පො­රොත්තු ඉෂ්ට සිද්ධ­වීමේ ඉඩ­ක­ඩක් පෙන්වයි. අපල අවම වීමට සිතු­විලි වෙනස් නොකර ස්ථිර නිග­ම­න­යක සිටින්න.

සුබ අංක – 5, 6 / සුබ වර්ණ – කහ, සුදු, තැඹිලි / සුබ දවස් – ඉරිදා, බදාදා, බ්‍රහ­ස්ප­තින්දා

මකර – දේපළ ගැට­ලු­ විසඳේ

සඳු ගමන් ගන්නේ 10, 11, 12 යන භාව­යන් මතිනි. රැකියා, ව්‍යාපාර සම්බ­න්ධව උනන්දු වීමෙන් ඔබට මේ සතියේ ලාභ ප්‍රයෝ­ජන අත්කර ගැනීමේ ඉඩක් ඇත. ගේ දොර දේපළ ගැට­ලු­වක් සාමාන්‍ය තත්ව­ය­කට විසඳේ. පා ඇඟිලි හෝ පිටි පතුල් පිළි­බඳ වේදනා ඇති­විය හැකි බැවින් කල­බ­ල­යට වැඩ කර­න්නට නොයන්න. දරු­වන්ගේ අර­මුණු සපල වන සති­යකි. අපල අවම වීමට සුදු, නිල් මල් පූජා කරන්න. රතන සූත්‍රය කියන්න.

සුබ අංක – 8, 9 / සුබ වර්ණ – සුදු, රතු, නිල් / සුබ දවස් – සිකු­රාදා, සෙන­සු­රාදා

කුම්භ – පුණ්‍ය සිතු­විලි සහි­තයි

සඳු ගමන් ගන්නේ 9, 10, 11 යන භාව­යන් හර­හාය. ආර­ම්භයේ පුණ්‍ය කට­යු­ත්ත­කට සහ­භාගි වීමේ ඉඩක් ඇත. රැකියා කරන ස්ථානයේ වුව පුණ්‍ය සිතු­වි­ලි­ව­ලට මුල පුරයි. එහෙත් ඇසුරු කරන අයෙක් නිසා සිත් රිදී­මක් ඇති­විය හැකියි. ලැබීම් සහි­තයි. දරු­වන්ට ද යහ­පත්ය. ගෘහ ජීවි­තය සාම­කා­මීය. අපල අවම වීමට රෝගීන්ට උදව් කරන්න.

සුබ අංක – 3, 7 / සුබ වර්ණය – නිල් / සුබ දවස් – සිකු­රාදා, සෙන­සු­රාදා

මීන – කීර්ති, ප්‍රශංසා හිමිවේ

සඳු ගමන් ගන්නේ 8, 9, 10 යන භාව­යන් මතිනි. ආර­ම්භයේ කන­ගා­ටු­දා­යක පුව­තක් සැල­විය හැකි නමුදු ඉන්පසු දින කිහිපය යහ­පත්ය. පුණ්‍ය සිතු­විලි ඇති කරන ගමන් බිමන් වැඩි රැකියා ස්ථාන­යෙන් ලාභ ප්‍රයෝ­ජන හිමි­වන බව පෙනේ. සම­හ­ර­විට ඔබට ප්‍රශංසා, කීර්ති හිමිවේ. ඒ සමඟ ඒරා­ෂ්ටක තත්ව­යක පසු­වන බැවින් සුළු අන­තුරු, සිත් රිදීම්, අස­නීප මතු­විය හැකිය. අපල අවම වීමට බෝ මළුව පිරි­සිදු කර බෝධි පූජා තබන්න.

සුබ අංක – 4, 9 / සුබ වර්ණය – කහ / සුබ දවස් – බ්‍රහ­ස්ප­තින්දා, අඟ­හ­රු­වාදා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division